gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශිරන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එකට 13දා උසාවියට ඉදිරිපත් කරයි

දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යන දෙදෙනාම ලබන 13වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාග සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

සිරිලිය ගිණුමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පවරා ඇති නඩුව කොළඹ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන අතර අතිරේක මහෙස්ත්‍රාත් ලක්‍ෂ්මා ප්‍රේමරත්න මහත්මිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන අතර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා ලබන 13වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka