gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නවිපිල්ලේට නොබෙල් තෑග්ග දීම වරදක්.. යුද්ද අටක් නිම කල මටයි දිය යුත්තේ..- ට‍්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මූල්‍ය සම්බාධක පනවයි..

දකුණු අප්‍රිකානු නීතිවේදිනී නවනීදම් පිල්ලෙයි මහත්මිය 2026 වසර සඳහා වන නොබෙල් සාම ත්‍යාගලාභිනිය ලෙස නම් කිරීමත් සමඟ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් කමිටුව දැඩි ලෙස විවේචනය කර ඇත. තම සේවා වාර්තාව අනුව එම සම්මානය හිමිවිය යුතුව තිබුණේ තමන්ට බව ඔහු අවධාරණය කර තිබේ.

තම ‘ටෘෘත් සෝෂල්’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, තමන් යුද්ධ අටක් අවසන් කර ඇති බවත්, ඉරානය සම්බන්ධ ගැටුම සහ රුසියා-යුක්‍රේන යුද්ධය ඇතුළු තවත් යුද්ධ දෙකක් විසඳීමට හෝ ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටි බවත්ය.

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාගැනීම මෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීමට ගත් පියවර ජාත්‍යන්තර ඇගයීමට ලක්විය යුතු විශිෂ්ට ජයග්‍රහණ බවද ඔහු පෙන්වා දී ඇත.

නොබෙල් කමිටුවේ මෙම තීරණය නෝර්වේ රාජ්‍යයට මකා දැමිය නොහැකි කැළලක් ලෙස හැඳින්වූ හිටපු ජනාධිපතිවරයා, අන්තවාදී දෘෂ්ටිවාදාත්මක බලපෑම් හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගයේ විශ්වසනීයත්වය පළුදු වී ඇති බවටද චෝදනා කළේය.

ට‍්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය අහිමිවීමත් සමග ඇමෙරිකාව විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයටම බලපාන පරිදි මූල්‍ය සම්බාධක පැනවීමට කටයුතු කර ඇත.

අන්තර්ජාතික අපරාධ අධිකරණය තම රටට එරෙහිව ක්‍රියාත්මක වන බව පවසමින්  රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් මෙම සම්බාධක නිවේදනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියක මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරියක ද වන නවනීදම් පිල්ලෙයි මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ සාමය හා ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සහ යුද අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමිනි.

කෙසේ වෙතත්, තමන් යුද්ධ අටක් අවසන් කළ බවට ට්‍රම්ප් ඉදිරිපත් කරන ප්‍රකාශයන් මතභේදාත්මක බවත්, ඔහු සඳහන් කරන ගැටුම් කිහිපයක් මෙතෙක් පූර්ණ ලෙස විසඳී නොමැති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය සහ නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමට ඔහු දක්වන උනන්දුව සම්බන්ධයෙන් යළිත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka