gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල්ට ඇප ගන්න අලි සබ්‍රි දැඩි නීති සටනක! මෙන්න ඊයේ උසාවියට ගෙනා තර්ක...

‘ක්‍රිෂ්’ (Krish) ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන නියෝගය දෙසැම්බර් මස 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය ඊයේ (නොවැම්බර් 25) නිවේදනය කළේය.

පාස්කු ප්‍රහාරය ගැන ගෝඨාභය අත්අඩංගුවට ගන්න සාක්ෂි ලැබිලා... මෙන්න වෙන්න යන දේ ගැන අධිකරණයේදී හෙළිවූ දේ!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වනවා.

බ්‍රිතාන්‍ය රජයේ රහස් ගිවිසුමකින් අප්‍රිකාවට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයාගේ ඛේදනීය ඉරණම එළියට!

බ්‍රිතාන්‍යය විසින් අප්‍රිකානු රාජ්‍යයක් වන එස්වාටිනි (පෙර ස්වාසිලන්තය) වෙත පිටුවහල් කර සිටියදී දිවිතොරකරගත් ශ්‍රී ලාංකික පුරවැසියා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට හෙළි නොකළ රහසිගත ගිවිසුමක් යටතේ එරටට යවා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. 

ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් — අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව නිදහස්!

ලොව ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් නව තීරුබදු ප්‍රතිපත්තියක් නිවේදනය කර තිබේ. ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව බදු සංශෝධනයන්ට චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන ආර්ථිකයන් රැසක් ඇතුළත් වන අතර, විශේෂත්වය වන්නේ මෙම නව තීරුබදු පැනවීමට ශ්‍රී ලංකාව ඇතුළත් කර නොතිබීමයි.

සලේගේ සුරතල් බැලූ කාලය ඉවරයි... රණවිරු ක්‍රියා නෙවෙයි මැරවිරු ක්‍රියා

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලැබ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ සහ අසාද් මවුලානා අතර තිබු සමීප සබඳතාව පිළිබඳව මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී ඇතැයි අධිකරණයේදී හෙළිවිය.

උතුරු නැගෙනහිර මහවිරු ස්මාරක ඉදිවෙයි… ඊළමට දිවිදුන් විරුවන්ගේ නම් ගලෙහි ලියයි… විරුවන්ගේ ඡායාරූප සහ තොරතුරු ඇතුළත් ලේඛනාගාර හදයි… දෙමළ ජනතාව දහස් ගණනින් මල් තබා පුදති…!

‘මහා වීර දිනයට’ පෙර සතිය තුළ, උතුරු-නැගෙනහිර ප්‍රදේශය පුරා මියගිය එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් දස දහස් ගණනකගේ නම් සඳහන් ස්මාරක විවෘත කරනු ලැබීය. මෙයට නල්ලූර්හි පිහිටි, නම් 28,341ක් ඇතුළත් ස්මාරක පරිශ්‍රයේ සිට පුදුකුඩිඉරිප්පු සහ කෝපායි සුසාන භූමිය ඉදිරිපිට ඉදිකළ නව ස්මාරක දක්වා විවිධ ස්ථාන ඇතුළත් වේ.

කුලය කියන මංගල දැන්වීම් තහනම් කරන්නෑ..- පෝල්රාජ්

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් කුලය සඳහන් කරමින් පළ කෙරෙන විවාහ දැන්වීම් තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දෙන බව සඳහන් කළේ යැයි ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් අච්චු ගසන්නේත් නෑලු.. ණය ගන්නේත් නෑලු.. ඒත් උද්ධමනය ඉහළ යනවා..- රවි පුදුමයෙන්

පසුගිය ආණ්ඩු මුදල් අච්චු ගසන බවට සහ විදෙස් ණය ලබා ගන්නා බවට චෝදනා කළ වත්මන් රජය, මුදල් අච්චු ගසන්නේත් නොමැති නම් සහ ණය ලබා ගන්නේත් නොමැති නම් උද්ධමනය ඉහළ යන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රශ්න කළේය.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණවලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දීම සඳහා රජය මූලික කටයුතු ආරම්භ කර තිබේ. දීර්ඝ කාලයක සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රජය මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ වාර්තා මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළාදකින්න පාර්ලිමෙන්තුවම තැඹිලි පාට වෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය දින 16 වැඩසටහන ආරම්භ වීම සනිටුහන් කරමින්, තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඇඳුම් තෝරාගැනීම පිළිබඳව කථානායක ජගත් වික්‍රමරත්න මහතා සිය ප්‍රශංසාව පළ කළේය.

නාමල්ට ක‍්‍රියාත්මක නීතිය අනුව අනුරට මරණ දඬුවම නියම විය හැකියි - ගම්මන්පිල

එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම දේශපාලන පළිගැනීමක් බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරන අතර, රජය ආරම්භ කර ඇති මෙම ක්‍රියාවලිය හරහා අනාගතයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පවා බරපතළ නීතිමය අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවයි.

රිමාන්ඩ් ඉන්න රාජාංගනේ හිමිට තවත් වරෙන්තුවක්...

ආගමික සහජීවනයට හානි වන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩු විභාගයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි  රාජාංගනයේ සද්ධාරතන හිමි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (25) වරෙන්තු නිකුත් කළේය.

ජොන්ස්ටන්ට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරේ..

නීතිවිරෝධී අන්දමින් සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අද (25) ප්‍රකාශයට පත් කරන ලදී.

පාස්ටර් ජෙරොම්ගේ අධ්‍යාත්මික නායක Uebert Angel රිමාන්ඩ් !

ශ්‍රී ලංකාවේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පැවැත්වූ සිම්බාබ්වේ ප්‍රකට දේවගැතිවරයකු වන යූබර්ට් ඒන්ජල් (Uebert Angel), ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නැගෙනහිර පළාතේ ළඟදීම ඡන්දයක් - මාර්තු 15ට කළින් බව මැකො කියයි

කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමානිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පළාත් පාලන ආයතන දෙකෙහි සීමානිර්ණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ‘දිනමිණ’ට ප්‍රකාශ කර ඇත.

රනිල්ගේ නිවසේ මනමේ රඟ දක්වපු හැටි

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ එදා මෙදා තුර විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය වන ‘මනමේ’ නාටකය මුල්වරට රංගගත කර වසර 70ක් සපිරීම නිමිත්තෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මනමේ නාට්‍ය කණ්ඩායම අතර සුහද හමුවක් ඊයේ  (24) පස්වරුවේ පැවැත්විණි.

රටගිය දොස්තරලාගෙන් රජයට කෝටි 115ක පොල්ලක්!

රජය සමග අත්සන් කළ ගිවිසුම් කඩකරමින් විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය නිලධාරීන් 705ක් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 115ක මුදලක් (මිලියන 1,156) නොගෙවා පැහැර හැර ඇතැයි 2025 වසරේ කෙරුණු ජාතික විගණනයේදී හෙළි වී තිබේ. 2025 සැප්තැම්බර් 29 දින වන විට සේවය හැර ගිය වෛද්‍යවරුන් විසින් මෙම මුදල් ගෙවීම පැහැර හැර ඇත.

නාමල් වෙනුවෙන් කඳුළු හලනවට ලැජ්ජාවට පත් කරනවා.කුනුහරප කමෙන්ට් දානවා, ෆොටෝ එකට ගවුම් අන්දනවා – මිලින්ද රාජපක්ෂ කියයි

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන අසභ්‍ය ප්‍රතිචාර සහ මඩ ප්‍රහාරවලට බිය වන පිරිස් සමඟ දේශපාලනය කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka