gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල්ට ක‍්‍රියාත්මක නීතිය අනුව අනුරට මරණ දඬුවම නියම විය හැකියි - ගම්මන්පිල

එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම දේශපාලන පළිගැනීමක් බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරන අතර, රජය ආරම්භ කර ඇති මෙම ක්‍රියාවලිය හරහා අනාගතයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පවා බරපතළ නීතිමය අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවයි.

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇති බවයි. 

මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ලබා දුන් ඇප මහාධිකරණයට ගොස් අවලංගු කරවා ගැනීමට රජය කටයුතු කිරීම තුළින්, මෙය දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියක් නොව අමානුෂික දේශපාලන පළිගැනීමක් බව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර අවසන් බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

එයාර්බස් සමාගමෙන් පොරොන්දු වූ බව කියන අල්ලස් මුදලින් කොටසක් ලෙස කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමට ඩොලර් මිලියන දෙකක් බැර වූ බවත්, ඉන් ඩොලර් ලක්ෂ අටක් අතරමැදි තැරැව්කරු වූ නිමල් පෙරේරා නමැත්තාට ලැබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය. 

එම සම්බන්ධතාව හෙළිදරව් වීමත් සමඟ ඕස්ට්‍රේලියාවට පලා ගිය නිමල් පෙරේරාගෙන් වත්මන් රජයේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව කී ගම්මන්පිල මහතා, එම මුදල් ලබාගත්තේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බවත්, ඊට හිලව් වශයෙන් අවස්ථා තුනකදී රුපියල් මිලියන සීයක් ඔහුට ලබාදුන් බවත් නිමල් පෙරේරා එහිදී පවසා ඇති බව සඳහන් කළේය.

එහෙත් එම වාචික ප්‍රකාශය හැරුණු විට දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, දුරකථන කුලුනු වාර්තා හෝ සී.සී.ටී.වී. දර්ශන වැනි කිසිදු ස්වාධීන සාක්ෂියක් විමර්ශකයින්ට හමුවී නොමැති බව ඔහු චෝදනා කළේය.

රජය මෙලෙස ඉතා භයානක ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බවට අනතුරු ඇඟවූ ගම්මන්පිල මහතා, මෙම වැරදි පූර්වාදර්ශය අනුව යමින් අනාගත රජයක් යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, තමන් එම ජාවාරම සිදු කරන්නේ හිටපු ජනාධිපති අනුර දිසානායක මහතාගේ මුදලින් බවත් ලැබෙන මුදල් ඔහුට ලබාදෙන බවත් පවසමින් රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්වුවහොත්, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අනුර දිසානායක මහතාට මරණ දඬුවම පවා හිමිවීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව කියා සිටියේය. 

එවැනි අවස්ථාවකදී රටේ ජනතාව කනගාටු වනු වෙනුවට 'කළ කළ දේ පල පල දේ' යනුවෙන් පවසනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

තවද, නිමල් පෙරේරාට හෝ අල්ලස් ලබාදුන් එයාර්බස් සමාගමට එරෙහිව මෙතෙක් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය. 

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී එයාර්බස් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර වසර හයකට ආසන්න කාලයක් ගතව ඇතත් එහි ප්‍රගතිය කුමක්දැයි දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවත්, අල්ලස් වශයෙන් බෙදා ඇත්තේ මහජන මුදල් බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka