gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල්ට ඇප ගන්න අලි සබ්‍රි දැඩි නීති සටනක! මෙන්න ඊයේ උසාවියට ගෙනා තර්ක...

‘ක්‍රිෂ්’ (Krish) ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන නියෝගය දෙසැම්බර් මස 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය ඊයේ (නොවැම්බර් 25) නිවේදනය කළේය.

නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම, අද කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ සලකා බැලිණි.

“සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම අපේ රටේ නීතිය නොවේ” — අලි සබ්රි

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රම්සි භාචා මහතාගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ප්‍රධාන තර්ක මෙසේය:

පනත බලාත්මක වීමට පෙර ඇරඹි විමර්ශනයක්

දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අගෝස්තු 08 වැනිදා කතානායකවරයා විසින් වත්මන් දූෂණ විරෝධී පනත සහතික කිරීමට පෙරය.

එබැවින් දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කිරීම නීතියට පටහැනිය.

බලය අවභාවිත කිරීමක්

එවැනි සහතිකයක් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම බලය අවභාවිත කිරීමක් සහ පුද්ගල නිදහස අහිමි කිරීමක් බවත්, අධිකරණය කිසිදු අවස්ථාවක විධායකයේ දිගුවක් බවට පත් නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ඇප පනතේ අදාළත්වය

මෙම අවස්ථාවේදී සිය සේවාදායකයාට ඇප පනත අදාළ වන බවත්, සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම මෙරට නීතිය නොව ඇප ලබා දීම නීතිය බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සිය සේවාදායකයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බැවින් එය ප්‍රතිශෝධනය කර, පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම කරුණට අදාළව පෙර නිකුත් වූ විනිශ්චිත නඩු තීන්දුවල පිටපත් කිහිපයක් ද විවෘත අධිකරණයේදී විනිසුරුවරයා වෙත භාර දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka