gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිහින්තලේ විහාරාධිපති හිමි සහ මිහින්තලාව ගැන තොරතුරු වාර්තා කිරීමට එරෙහිව තහනමක්!

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට සහ මිහින්තලා පුදබිමට අපහාස වන ආකාරයේ කිසිදු තොරතුරක් 'මිහින්තලාවෙන් හඬක්' යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් අනුරාධපුර දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි පැවසේ.

භාණ්ඩාගාර ලේකම්ගේ නිවස වටලන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක් (VIDEO)

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් තිබුණි.

තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරින්ට වියදම් කළේ ගාල්ලේ ව්‍යාපාරිකයෙක් - ව්‍යාපාරිකයා සොයා නකොටික් නිළධාරීන් දකුණු රට පීරයි

තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ භික්ෂූන් කණ්ඩායම පිටුපස සිටින මහමොළකරු සහ ඔහුට මුදල් වියදම් කළ ගාල්ලේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

HSBC ට වඩා හැකරු විශ්වාසයි... HSBC දෙවරක් සැකයි කීවත් හැකර ගිණුමට සල්ලි දාලා!

ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී, එය සැක සහිත ගනුදෙනුවක් (Suspicious Transaction) බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.

ලංකා බැංකුවේ ලේඛනයක් ප්‍රසිද්ධ කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ආන්දෝලනාත්මක ගෙවීම නාමල් ආයෙත් අවුස්සයි

මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හරහා සිදුකරන ලද ගෙවීම් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා අවතක්සේරු කිරීමට රජය උත්සාහ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

මැති ඇමති රැසක් රටින් පිටවෙන්න වීසා හදාගෙන!

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට මෙරටින් පිටව යාමට සූදානමින් සිටින බවත්, ඔවුන් ඒ සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර පවා සකස් කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කරන චීවරධාරීන්ගෙන් පරස්පර ප්‍රකාශ

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කෙරෙන චීවරධාරීන් විසි දෙදෙනාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හමුවේ මේ වනවිට පරස්පර අදහස් ප්‍රකාශ වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාරා ජස්මින් ගැන හෙළිදරව්වක්!

2019 අප්‍රේල් (21) වනදා, පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට බරපතල කරුණු රැසක් අනාවරණය වෙමින් පවතියි. පාස්කු දින ප්‍රහාරය එල්ල කළ කල්ලියේ සිටි පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් මොහොමදු හස්තූන්ගේ බිරිඳ වේ.

සජබ ආරාධනාව එජාපය පිළිගනී... මැයි දිනයේ එක්වෙයි!

සමගි ජන බලවේගයේ ආරාධනය පිළිගනිමින් එම පක්‍ෂය විසින් පවත්වනු ලබන මැයි දින රැලියට සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22 ක් – විවෘත පිළිතුරු දෙන්න!

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර ඊයේ (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලොරිවලින් රට පුරා මත්ද‍්‍රව්‍ය බෙදා හරින බවට පැමිණිල්ලක්!

සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අනුයුක්ත ඇතැම් රියැදුරන් එම ආයතනයට අයත් ලොරි රථ යොදාගෙන මත්ද්‍රව්‍ය බෙදාහරින බවට ලැබී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.

ලංකා බැංකුව කොන්ත‍්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවයි... ආපසු මුදල් ඉල්ලා පස්සෙන් යයි

ලංකා බැංකුවේ මධ්‍යම මෙහෙයුම් අංශයේ පද්ධති දෝෂයක් හේතුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් අදාළ නොවන පාර්ශවයන් වෙත වැරදීමකින් ප්‍රේරණය වී ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද... සියලුදෙනා ඉල්ලා අස්වේ! - අනතුරුව නිල ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද කැඳවා ඇති අතර, එහිදී සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීම පිළි­බඳ සාක­ච්ඡා­වනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

කටපුංචා ඇදන් ගෑනුන්ට පාට් දැමූ අර්ජුනා 29 තෙක් රිමාන්ඩ්!

යාපනය, පේරියවිලාන් ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් අතරතුර ගිනි අවියක් පෙන්වා කාන්තාවකට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මල්ලකම් මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

දිට්වා හානිය බිලියන 500යි... ආධාර ලැබුනේ බිලියන 10ක සුළු මුදලක් - මුදල් නි. ඇමති

සුළි කුණාටු ව්‍යසනයෙන් සිදුවූ හානිය අවම කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන් කර ඇති බවත්, ඒ හා සසඳන විට "Rebuilding Sri Lanka" අරමුදලට මහජනතාවගෙන් සහ විදෙස් ආධාර ලෙස ලැබී ඇත්තේ රුපියල් බිලියන 10ක් වැනිප්‍රමාණයක් බවත් කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

මහබැංකුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! පොල් ගහයි! (VIDEO)

මහබැංකුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.

ඒ සිවිල් ක්‍රියාකාරිකයන් කිහිප දෙනකු මහබැංකුව ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කොට පොල් ගැසීම හේතුවෙනි.

සලේ නීතීඥයා මමයි... මට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ - ගම්මන්පිල

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් අද පවත්වන මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස මම කටයුතු කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවටත් ඒ නිසාම නීතිඥවරයා ලෙස ඔහුව මුණ ගැසීමත් තහනම් කළ බවටත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා.  මම හිතන්නේ ඒ සියළුම මාධ්‍ය වාර්තා වැරදියි කියලා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka