gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

HSBC ට වඩා හැකරු විශ්වාසයි... HSBC දෙවරක් සැකයි කීවත් හැකර ගිණුමට සල්ලි දාලා!

ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී, එය සැක සහිත ගනුදෙනුවක් (Suspicious Transaction) බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම සහ ලිපි ගනුදෙනු ඇතුළු සියලු කටයුතු මහ බැංකු නිලධාරීන් විසින් සිදු කර ඇති බවයි.

මෙවැනි බරපතල ගනුදෙනුවකදී බැංකුව විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත්, එම මුදල් නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව සෙවිය යුතු බවත්, මහ බැංකුවට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

මෙම මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ රටේ මූල්‍ය පද්ධතියේ පවතින ප්‍රොටෝකෝල (Protocols) නිසි ලෙස අනුගමනය නොවන බවයි.

පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදු විය හැකි බවත්, මීට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජය වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මූල්‍ය පද්ධතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති බව පවසමින් බලයට පැමිණි පිරිස් යටතේ මෙලෙස පද්ධතිය බිඳ වැටීම බරපතල ගැටලුවක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු රටට අනාවරණය විය යුතු බව ද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka