gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිට්වා හානිය බිලියන 500යි... ආධාර ලැබුනේ බිලියන 10ක සුළු මුදලක් - මුදල් නි. ඇමති

සුළි කුණාටු ව්‍යසනයෙන් සිදුවූ හානිය අවම කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන් කර ඇති බවත්, ඒ හා සසඳන විට "Rebuilding Sri Lanka" අරමුදලට මහජනතාවගෙන් සහ විදෙස් ආධාර ලෙස ලැබී ඇත්තේ රුපියල් බිලියන 10ක් වැනිප්‍රමාණයක් බවත් කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2026 අප්‍රේල් 24 වන දින වන විට මෙම අරමුදලට රුපියල් මිලියන 9,583ක් (බිලියන 9.5කට ආසන්න ප්‍රමාණයක්) තැන්පත් වී ඇති බවයි. 

රටවල් 49ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් විසින් මෙම මුදල් ලබා දී ඇති අතර, රජය වෙන් කළ බිලියන 500ක මුදල හා සැසඳීමේදී මෙය ඉතා සුළු ප්‍රමාණයක් බව ඔහු අවධාරණය කළේය.

රජය බිලියන 500ක මුදලක් වෙන් කළේ අලුතින් මුදල් අච්චු ගැසීමකින් තොරව, රජය ඉතිරි කර ගත් මුදල් සහ පවතින මුදල් පාවිච්චි කරමින් බවත්, එමගින් උද්ධමනකාරී බලපෑමක් ඇති නොවීමට වගබලා ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙම සියලු මුදල් පෞද්ගලික ගිණුම්වල නොව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ නමින් ඇති ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බැවින් ඒවායේ ආරක්ෂාව පිළිබඳව කිසිදු සැකයක් තබා නොගත යුතු බවද ඔහු පැවසීය.

 මෙම ව්‍යසනය නිසා විනාශ වූ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ගොඩනැගිලි සහ කෘෂිකර්මාන්තය නැවත ගොඩනැගීම සඳහා 2028 වසර දක්වා කාලය තුළ මෙම බිලියන 500ක උපරිමයට යටත්ව මුදල් වැය කිරීමට රජය සැලසුම් කර ඇත.

සහනාධාර ලබා දීමේදී සිදුවන යම් ප්‍රමාදයන් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීමේ (උදාහරණයක් ලෙස ලියාපදිංචි ගොවියන් හඳුනා ගැනීම) ඇති සංකීර්ණතාවය නිසා එවැනි ප්‍රමාදයන් සිදුවන බවයි. 

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ සහ අගමැතිනියගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කාර්යසාධක බලකාය සහ අනුකමිටු අටක් හරහා මෙම කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව අධීක්ෂණය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ මාධ්‍ය හරහා පැතිර යන පදනම් විරහිත සහ සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, රජය ඉතා ඉහළ මූල්‍ය විනයක් සහ වගවීමක් ඇතිව මෙම අරමුදල් පරිහරණය කරන බවත් අමාත්‍ය අනිල් ජයන්ත මහතා ජනතාවට සහතික විය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka