gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද... සියලුදෙනා ඉල්ලා අස්වේ! - අනතුරුව නිල ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද කැඳවා ඇති අතර, එහිදී සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීම පිළි­බඳ සාක­ච්ඡා­වනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

මේ හදිසි විධා­යක සභා රැස්වී­මෙන් අන­තු­රුව තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම් පිළි­බඳ නිල ප්‍රකා­ශය නිකුත් කරනු ඇතැයි පැවසේ.

පසු­ගිය වසරේ පැවති නිල­ව­ර­ණ‍යේදී සභා­පති තන­තු­රට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධා­යක කමිටු නිල­ධා­රීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියා­ත්ම­කව පව­තින අතර, එසේ තිබි­යදී ඉදිරි නිල­ව­ර­ණ­යක් පිළි­බඳ සාක­ච්ඡා­වක් මතුව තිබීම විශේ­ෂ­ත්ව­යකි.

වත්මන් ක්‍රිකට් ආය­තන සභා­පති ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් විධා­යක සභා­වෙන් අන­තු­රුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­පා­ල­නය සඳහා කෙටි­කා­ලීන අතුරු පාලක කමි­ටු­වක් පත්කිරී­මට නිය­මි­තව ඇති අතර, අදාළ අතුරු කමි­ටුව සඳහා ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ නම් කිහි­ප­යක් යෝජනා වී ඇති බව වාර්තා වේ.

එම අතුරු පාලක කමි­ටුව විසින් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා නිල­ව­රණ කමි­ටු­වක් පත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි නිල­ව­ර­ණය සංවි­ධාන කළ යුතු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සභා­පති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබ­ර­වාරි මාසයේ දී ක්‍රිකට් සාමා­ජික සංග­ම්වල බහු­තර ඡන්ද­යෙන් තේරී පත්වූ අතර, එහිදී ඔහු ඡන්ද 83ක් හා ජයන්ත ධර්ම­දාස ඡන්ද 56ක් හිමි­කර ගත්හ. සභා­පති තන­තු­රට තරග කිරී­මට කල් ඇතිව සූදා­න­මින් සිටි මොහාන් ද සිල්වාගේ නාම­යෝ­ජ­නාව ප්‍රති­ක්ෂේප වීමෙන් ෂම්මි සිල්වා සභා­පති සට­නට පිවිස ජය ගැනීම එම නිල­ව­ර­ණයේ විශේෂ සිදු­වී­මක් විය.

අන­තු­රුව 2021දී යළිත් ක්‍රිකට් සභා­පති තන­තු­රට ෂම්මි සිල්වා පත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු සාමා­ජික සංගම් තර­ග­ය­කින් තොරව ඔහුව ක්‍රිකට් මුල් පුටුව කරා රැගෙන ආවේය. ඉති­හා­සය පුරා ක්‍රිකට් නිල­ව­ර­ණ­ව­ලදී තර­ග­ය­කින් තොරව බහු­තර සංග­ම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්‍රිකට් සභා­පති තන­තු­රට තුන්ව­තා­වක් පත්වීම කැපී­පෙ­නිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka