gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේ නීතීඥයා මමයි... මට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ - ගම්මන්පිල

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් අද පවත්වන මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස මම කටයුතු කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවටත් ඒ නිසාම නීතිඥවරයා ලෙස ඔහුව මුණ ගැසීමත් තහනම් කළ බවටත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා.  මම හිතන්නේ ඒ සියළුම මාධ්‍ය වාර්තා වැරදියි කියලා.

  මොකද මහෙස්ත්‍රාත්වරයෙකුට නීතිඥවරයෙකු යම් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන්න බෑ.  නීතිය උගත් මහෙස්ත්‍රාත්තුමා ඒක හොඳින්ම දන්නවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියෙන් යම් සැකකරුවෙක් වෙනුවෙන් නීතිඥවරයකු හරහා කරුණු දැක්වීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිලිඅරන් තිබෙනවා.  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය අනුවත් නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සැකකරුවෙකුගේ අයිතියක්.  ඒ වගේම අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තියෙන් යම් සැකකරුවෙකුට උපදෙස් ලබා දීම සහ ඔහු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥවරයෙකුගේ අයිතිවාසිකමක් ලෙසත් පිලිඅරන් තිබෙනවා.  එහෙනම් අපේ රටේ නීතිය එක පැත්තකින් සැකරුවෙකුට නීතිඥවරයෙක් ලබා ගැනීම අයිතිවාසිකමක් ලෙස පිලිඅරන් තිබෙනවා. අනිත් පැත්තෙන් නීතිඥයාට සැකරුවා වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයාගේ අයිතිවාසිකමක් ලෙස පිලිඅරන් තිබෙනවා.

යම් පුද්ගලයෙකුට තමන් කැමැති නීතිඥවරයා තමන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැමැති නීතිඥවරයා තෝරා ගන්නවා වෙනුවට පැමිණිල්ල කැමැති නීතිඥයා තෝරා ගන්න වෙනවා නම් ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්.  ලෝකයේ කිසිම රටකින් එවැනි තත්වයක් වාර්තා වෙන්නේ නෑ.  මාව සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස පත් කලේ ඔහුගේ බිරිඳ රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට ලිපියක් ලබා දෙමින්.  මම නීති වෘත්තියේ සිටින තුරු මම ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කිරීම කිසිම අධිකරණයකටවත් පොලිසියටවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටවත් නවත්වන්න බෑ.

අපි මහෙස්ත්‍රාත්වරයාට එවැනි බලයක් තිබෙනවා කියලා මොහොතකට හිතමු. එහෙම බලයක් තිබුණත් ඒ බලය පාවිච්චි කරන්න ඔන මාව ගෙන්වලා මගේ පැත්තෙන් කරුණු අහන්නේ නැතිව මට තහනමක් පනවන්න අධිකරණයට බෑ.  ඒක දෙපාර්ශවයටම සවන් දෙන්න කියන ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනියි.

මම වරදක් කළා කියමු.  නමුත් මට එරෙහිව දඩුවම්දීම කරන්න මම යම් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන්න  නීතිඥයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් මහෙස්ත්‍රාත්වරයාට නෑ.  ඒ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි.   ඒ නිසා නීතිය දනිමින් ගරු මහෙස්ත්‍රාත්තුමා එවැනි ප්‍රකාශයක් සිදුකළ බව මම විශ්වාස කරන්නේ නෑ. මාධ්‍ය වාර්තා වල බරපතල වරදක් තිබෙන බව තමයි මම විශ්වාස කරන්නේ. මම නීතිඥවරුන්ට දැනුම් දුන්නා එදා අධිකරණයේ සිදුවීම ඇතුලත් නඩු පොතේ ඇති වාර්තාවේ සහතික පිටපතක් ලබා ගන්න කියලා.  අපිට ඒක ලැබුණාම ඇත්ත මොකක්ද කියලා දැන ගන්න පුළුවන්.

මම සුරේෂ් සලේ හමුවී පිටතට ඇවිත් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන නිසාත් පාස්කු ප්‍රහාරය ගැන පොතක් ලියූ නිසාත් මම සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස කටයුතු කරන්න සුදුසු නැති බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට වාර්තා කරලාලු.  දිලීප පීරිස් මහත්තයා මීට කලින් නඩු වල කරලා තිබෙන නීතියට පටහැනි අතිශයින්ම දේශපාලනික ප්‍රකාශ දිහා බැලුවාම අනිවාර්රයෙන්ම එවැනි ප්‍රකාශයක් කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියෙන් කියන්නේ යම් සේවාලාභියෙකු නීතිඥයෙකුට හෙලිදරව් කරන තොරතුරු ඔහුගේ එකඟතාවයකින් තොරව ප්‍රසිද්ධ කරන්නවත් අන් පාර්ශවයක් සමග බෙදා ගන්නවත් නීතිඥවරයාට බෑ කියලා. ඒ කියන්නේ සේවාලාභියාගේ රහස්ය භාවය රැකීම පෞද්ගලිකත්වය රැකීම විදිහටයි ඒක දකින්නේ.  සරලවම කියනවා නම් සුරේෂ් කැමති නම් ගම්මන්පිල කැමැති නම් දිලීප ඒකට කලබල නොවිය යුතුයි කියලා තමයි ඒ වගන්තියෙන් කියන්නේ.

මම සුරේෂ් බලලා ඇවිත් ඔහුගේ නීතිඥයා විදියට  ඔහුගේ තත්වය මාධ්‍යයට වාර්තා කළ බව ඇත්ත.  ඒක ඔහුගේ කැමැත්තෙන් ඔහුගේ පවුලේ අයගේ කැමැත්තෙන් සිදුවුණු දෙයක්.  ඒ වගේම යම් ප්‍රසිද්ධ සැකකරුවෙකුගේ තත්වය පිළිබඳ ලෝකය පුරාම මාධ්‍ය වලට කතා කරන්නේ ඔහුගේ නීතිඥයා තමයි.  ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පසුගිය සමයේ තිබුණු නඩු පිළිබඳ මාධ්‍යයට කතා කලේ ඔහුගේ නීතිඥවරිය වුණු ඇලීනා හබා.  ඇලීනාට හොඳයි නම් ගම්මන්පිලට නරක වෙන්නේ කොහොමද කියලා තමයි මට දිලීපගෙන් අහන්න වෙන්නේ.

මම පාස්කු ප්‍රහාරය පිළිබඳ පොතක් ලියූ බවත් ඇත්ත.  යම් චෝදනාවක් පිළිබඳ විමර්ශන අවධියේ තිබිය දී ඒ ගැන පොත් ලියන්න අදහස් ප්‍රකාශ කරන්න මට විතරක් නොවේ ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්.  ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තිබෙන භාෂණයේ නිදහස.  ඒ නිදහස මගෙන් උදුරා ගන්න දිලීප මහත්තයාට බෑ.  චෝදනා ගොනු කිරීමේ සිට නඩු තීන්දුව ලබා දීම දක්වා කාලය තමයි අධිකරණයේ විනිශ්චයට භාජනය වී තිබෙන කාලපරිච්ඡේදය.  අන්න ඒ කාලයේ නම් කිසිවෙකුට ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. “සබ් ජුඩිසී” ලෙස ලතින් භාෂාවෙන් කියන්නේ ඔන්න ඔය කාලපරිච්ඡේදයට තමයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka