මරණ දඬුවම නියම වී සෞදි හිරේ ඉන්න අනෝජන්ගේ ආරක්‍ෂාව තහවුරු කලා - විජිත
සෞදි අරාබියේ දමාම් බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික මරණ දඬුවම්ලාභී අනෝජන් සිවරාසා මහතාට පහරදීමක් සිදුවූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අවස්ථා දෙකකදී එරට බන්ධනාගාරය වෙත ගොස් බන්ධනාගාර ප්‍රධානියා සහ වෛද්‍යවරයා හමී සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිගෙන් ප‍්‍රකාශයක්!
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඥානසාර හිමිගේ සිවුර ගැලෙවුවාට අස්ගිරි පාර්ශවයේ විරෝධය
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසවා උපැවිදි තත්ත්වයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම බරපතළ නෛතික මෙන්ම ශාසනික වරදක් බව සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අවධාරණය කරති.
'මගේ ජීවිතය අවදානමේ 'හෘද ධමනිවල කැල්සියම්' - ශිරන්ති කියලා
අද (7) දින අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මින් ඉහත විදෙස්ගතව සිට එද්දී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වීමෙන් වළකාගැනීම සඳහා නීතීඥයින් මාර්ගයෙන් ඇප අයදුමක් ඉදිරිපත් කර තිබුණ අතර සිය අපේක්ෂිත ඇප අයදුමට සහාය වන කරුණු ලෙස 73 හැවිරිදි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

‘මුදල් ලැබුනා ස්තුතියි..’ - නාමල් ක‍්‍රිෂ් සමාගමට ලිපියක් යවලා!
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි අක්කර 4.3 ක ඉඩම බදු පදනම මත ලබාගැනීමේ කටයුතු කඩිනම් කරදීම වෙනුවෙන් ‘ක්‍රිෂ්’ සමාගම විසින් අල්ලස් වශයෙන් ලබාදුන් බව කියන රුපියල් මිලියන 70 ක මුදල ලැබුණු බව තහවුරු කරමින් නාමල් රාජපක්ෂ මහතා එම සමාගම වෙත ස්තුති ලිපියක් යොමු කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ අනාවරණය කළේය.























