ඥානසාර හිමිගේ අභියාචනය මහාධිකරණයෙන් නිෂ්ප්‍රභ වෙයි! - සිරදඬුවම ස්ථීර කරයි!
මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ සිද්ධියට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ස්ථීර කර තිබේ.
ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනය මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති අතර, එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සලකා බලන තෙක් නඩුව ලබන පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමටත්, එදිනට ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
ඥානසාර හිමිගේ අභියාචනය මහාධිකරණයෙන් නිෂ්ප්‍රභ වෙයි! - සිරදඬුවම ස්ථීර කරයි!
2026-10-07T12:36:00+05:30
Gossip Lanka Hot News





