මං අස්වෙන්නේ ජනපති කිවුවොත් විතරයි - අධිකරණ ඇමති
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මුල් කරගනිමින් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද, එවැනි බලපෑම්වලට යටත් වී තමා ඉල්ලා අස් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.
යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කළහොත් පමණක් තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුවේ නිලධාරීන් මේ වන විට ඉතා ස්වාධීන මට්ටමින් සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
එමෙන්ම, මෙම ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් ලබා දෙන ප්‍රකාශ, සමස්ත විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට සහ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඉතා වැදගත් සාක්ෂි වනු ඇති බව ද හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ පුවත තව අයට බලන්න
මං අස්වෙන්නේ ජනපති කිවුවොත් විතරයි - අධිකරණ ඇමති
2026-07-08T11:14:00+05:30
Gossip Lanka Hot News






