gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර විරුවන්ගේ දේහයන්ට ගෞරව කරන්න ගිය අධිකරණ ඇමති නිලධාරීන් වැළඳ ගෙන හඬා වැලපෙයි (VIDEO)

මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත්දා සිදු වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන විශේෂ රථ පෙරහැරකින් කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.

නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතව ඇති අතර, මෙම අවස්ථාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද සහභාගි විය.

එහිදී දැඩි ලෙස සංවේගයට පත් වූ අමාත්‍යවරයා, මියගිය නිලධාරීන්ගේ සගයන් වැළඳ ගනිමින් හඬා වැලපුණු අතර, එහි සිටි පිරිස් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම සිදුවීමේදී වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා සුරක්ෂිත කර ඔහුට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉකුත් 05 වැනිදා බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සමථයට පත් කිරීමෙන් පසු, පසුදින එනම් ඉරිදා (06) උදෑසන බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබූ බවයි

එම අවස්ථාවේදී රැඳවියන් අතර නැවතත් දරුණු ගැටුමක් හටගෙන ඇති අතර, එය බේරීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් විසින් ගල්මුල්වලින් අමානුෂික ලෙස පහරදී තිබේ.

ඒ වන විට පල්ලන්සේන බන්ධනාගාරයේ සිට මීගමුව බන්ධනාගාරය වෙත නව පත්වීමක් ලබා පැමිණ සිටි ප්‍රධාන ජේලර්වරයා ද තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වී ඇති අතර රැඳවියන් ඔහුට ද පහරදීමට පටන්ගෙන තිබුණි.

පසුව අනෙකුත් නිලධාරීන් විසින් ඔහුව බේරාගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ (STAF) නිලධාරීන් වෙත ද රැඳවියන් දරුණු ලෙස පහරදී ඇත.

එහිදී ඇතැම් නිලධාරීන් බිම පෙරළා ඔවුන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කළේය.

බන්ධනාගාර ඉතිහාසයේ අතිශය ඛේදනීය අවස්ථාවක් සනිටුහන් කළ මෙම සමස්ත ගැටුමෙන් මේ වන විට පුද්ගලයන් 27 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර, 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka