gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද 12 කැඳවයි - රුවන්ති කොළඹට සෙනග කැඳවයි!

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල කැඳවීමක් කර තිබේ. ඒ අනුව එළඹෙන 12 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අදාළ කැඳවීමේ ලිපිය ඊයේ (09) තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත නිල වශයෙන් භාර දී ඇත.

පසුගිය සතියේ ද හිටපු ජනාධිපතිවරයාට මෙවැනි කැඳවීමක් සිදු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද, ඊට අදාළ කිසිදු ලිපියක් ඒ වන විටත් භාර දී තිබුණේ නැත. මේ අතර මහින්ද රාජපක්ෂ කොළඹට කැඳවන අවස්ථාවේ 'අල්ලස් කොමිසම අසළට කළගුණ මතක ඔබත් එන්න' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා ටෙලි නිළි රුවන්ති මංගලා ප්‍රචාරයක් දියත් කර ඇත.

රාජපක්ෂ මහතාට මෙම කැඳවීමේ ලිපිය භාර දීම සිදු කර ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභිරහස් මරණය සිදුවී පැය විසිහතරක් ගත වීමටත් පෙර වීම විශේෂත්වයකි. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ඒ-330 වර්ගයේ ගුවන් යානා හයක් සහ ඒ-350 වර්ගයේ යානා අටක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බවට කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට මීට පෙර චෝදනා එල්ල වී තිබිණි.

එම ගනුදෙනුව හරහා අල්ලස් ලෙස ලබා ගත් මුදල්, සැකකාර කපිල චන්ද්‍රසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බව අල්ලස් කොමිසම පසුගිය මාර්තු 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි. මීට අමතරව අදාළ මුදල්වලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකට ද බැර වී ඇති බව විමර්ශන හරහා අනාවරණය වී ඇති බව කොමිසම වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේ, 2015 වසරේදී හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන විස්ස බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී ඔහු වෙත ලබා දුන් බවට සැකකරු සිය ප්‍රකාශය මගින් තහවුරු කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම කරුණු දැක්වීමට දැඩි විරෝධය පළ කළ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අවධාරණය කළේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාට තර්ජනය කර බලහත්කාරයෙන් අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බවය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka