gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රෙස්න මැරුණත් නඩුව ඉදිරියට යනවා – මහාචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්වුවද එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සඳහන් කළේය.

චන්ද්‍රසේන මහතා මෙම නඩුවට අදාළ සැකකරුවකු පමණක් බවත් කී හෙතෙම නඩුවේ එකම සැකකරු ඔහු වූයේ නම් නඩුව පවත්වාගෙන යෑමට එය බාධාවක් බවත් කීවේය.

එහෙත් නඩුවට අදාළ සැකකරුවන් කිහිපදෙනකු සිටින බැවින් එය ඉදිරි අධිකරණ කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් එල්ල නොකරන බව ද චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන් විමර්ශන සහ ප්‍රකාශ සටහන් කර ගැනීම් සිදුව ඇති බැවින් නඩුව පවත්වාගෙන යෑමට පහසුවක් වන බව ද හෙතෙම පැවසීය.

චන්ද්‍රසේන මහතා ලබා දී ඇති සාක්ෂි, සාක්ෂි ප්‍රතිපාදන යටතේ සහ සාක්ෂි ආඥා පනත යටතේ ඉතාම සීමිත අවස්ථාවකදී අධිකරණයේ අභිමතය පරිදි නඩුවට අදාළ කරගත හැකි යැයි ද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. එයාර් බස් ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි චන්ද්‍රසේකර මහතාට චෝදනා එල්ල වී තිබිණි. ඔහු පසුගිය සිකුරාදා සියදිවි නසා ගෙන තිබිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka