gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැරියක අපයෝජනයක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමියන්ගෙන් පොලීසිය ප්‍රශ්ණ කරයි

අනුරාධපුර පුදබිමේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක ඇතුළු පිරිසක් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය, එහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ විමර්ශනවලට අදාළව හිමියන්ගෙන් කරුණු විමසීම සිදු කළ බවත් අපරාධය සිදුවූ බව කියන ස්ථානයන්හි දැනටමත් විද්‍යාත්මක සහ ස්ථානීය පරීක්ෂණ පවත්වා අවසන් බවත්, වැඩිදුර සාක්ෂි රැස්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව, නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමඟ රැඳී සිටියදී මෙම දැරිය ප්‍රථමයෙන් පොලිස් භාරයට ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඉහළම අවධානය යොමුව ඇති අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් වහාම තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වූ තොරතුරු අනුව, මෙම 15 හැවිරිදි දැරිය වරින් වර අවස්ථා කිහිපයකදී අදාළ විහාරාධිපති හිමියන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ බරපතළ ලිංගික අපරාධයකට ලක්ව ඇත.

මෙම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ වාරවලදී කරුණු වාර්තා කිරීමට නියමිතය.

දැරියගේ ආරක්ෂාව සහ මනෝවිද්‍යාත්මක උපදේශනය කෙරෙහි දැනටමත් අදාළ අංශ අවධානය යොමු කර ඇත.

අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගනිමින් වාර්තා වූ මෙම පුවත මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් සහ සංවේගයක් ඇති කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka