gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’ දැවැන්ත බැදුම්කර වංචාවක්... මුදල් ලේකම්ට යලි චෝදනා!

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කිසිදු නිල අනුමැතියකින් තොරව, වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩු අනුපාතයකට භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000ක් (බිලියන 10ක්) මිලදී ගැනීම හරහා රක්ෂණ හිමියන්ගේ මුදල් දැවැන්ත මූල්‍ය අවදානමකට ලක් කර ඇති බව නිරෝෂන් පාදුක්ක මහතා අනාවරණය කළේය.

මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය සැලසුම් සහගත මූල්‍ය අපරාධයක් බවයි.

නිරෝෂන් පාදුක්ක මහතා පෙන්වා දෙන පරිදි, වෙළඳපොළේ පොලී අනුපාතය 10.12% සිට 10.15% දක්වා ඉහළ මට්ටමක පවතිද්දී, රක්ෂණ සංස්ථාව මෙම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ 9.75% ක ඉතා අඩු පොලී අනුපාතයකටය.

රක්ෂණ හිමියන්ගේ රුපියල් මිලියන 16,000ක මුදල් යොදවා සිදු කළ මෙම ගනුදෙනුව හේතුවෙන් දැනටමත් සිදු වී ඇති පාඩුව රුපියල් ලක්ෂ 500 ඉක්මවන බව ඔහු සඳහන් කළේය. 

ඉදිරි කාලය තුළ පොලී අනුපාත 11.5% දක්වා ඉහළ ගියහොත් රක්ෂණ සංස්ථාවට සිදු වන සමස්ත පාඩුව රුපියල් මිලියන 2000 (බිලියන 2) ඉක්මවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

මෙම මූල්‍ය අර්බුදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සෘජුව වගකිව යුතු බව පාදුක්ක මහතා අවධාරණය කළේය.

මෙම ගනුදෙනුව පිටුපස සිටින්නේ රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු වන සෝමදාස පලියවඩන නැමැත්තෙකු බවත්, ඔහු රජයේ බැඳුම්කර ගනුදෙනු කරන පෞද්ගලික සමාගමක (ෂර්වුඩ් කැපිටල්) කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීම බරපතල "උනන්දුව අතර ගැටුමක්" බවත් මෙහිදී හෙළි විය.

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය ධුරයට පත්වී දින හතක් ඇතුළත සිය හිතවතෙකු වන පලියවඩන මහතාව මෙම තනතුරට පත් කර ඇති බව පාදුක්ක මහතා පැවසීය.

එසේම, සූරියප්පෙරුම මහතා මීට පෙර කොටස් වෙළඳපොළ හැසිරවීම් සම්බන්ධයෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ විමර්ශනයට ලක් වූ අයෙකු බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම බැඳුම්කර මිලදී ගැනීම රක්ෂණ සංස්ථාවේ ආයෝජන කමිටුවේ හෝ අදාළ විෂය භාර නිලධාරීන්ගේ කිසිදු අනුමැතියකින් තොරව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. 

පාදුක්ක මහතා චෝදනා කළේ නලින් සුබසිංහ සහ සියණි කුලසිංහ යන නිලධාරීන් දෙදෙනාගේ අනුමැතියෙන් පමණක් මෙම මහා පරිමාණ ගනුදෙනුව සිදු කර ඇති බවයි.

මෙම අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ රක්ෂණ සංස්ථාවේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ඉල්ලා අස්වෙමින් පවතින බවත් පාදුක්ක මහතා අනාවරණය කළේය.

ඒ අතර ප්‍රධාන විධායක නිලධාරී චන්දන අලුත්ගම සමාගම් ලේකම් ශිරෝමි කෝදාගොඩ තොරතුරු නිලධාරී අශෝක ජයවර්ධන ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී නාමලී සිල්වා ඇතුළු තවත් නිලධාරීන් රැසක් වේ.

එසේම, වසර 18ක පමණ පළපුරුද්දක් අවශ්‍ය වන සමාගම් ලේකම් වැනි තනතුරු සඳහා මාස කිහිපයක අත්දැකීම් ඇති පුද්ගලයන් පත් කරමින් ආයතනයේ මූල්‍ය විනය පිරිහෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති නුසිත් කුමාරතුංග මහතා මාලිමාව නියෝජනය කරමින් මහරගම නගර සභාවට තරඟ කළ අයෙකු බවත්, මෙවැනි අද්දැකීම් අඩු පිරිස් බිලියන ගණනක ලාභ ලැබූ ආයතනයක් විනාශ කරමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

රක්ෂණ සංස්ථාව බංකොලොත් වීමට පෙර මෙම මූල්‍ය අපරාධය වහාම නතර කරන ලෙසත්, අල්ලස් කොමිසම සහ සී.අයි.ඩී. හරහා මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් නිරෝෂන් පාදුක්ක මහතා රජයෙන් ඉල්ලා සිටියේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka