gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉපලෝගම මාලිමා මන්ත්‍රීගෙන් අඹුසැමි යුවළකට ප්‍රහාරයක් (Video)

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී ගයාන් අධිකාරී ඇතුළු පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙලෙස පහර කා තුවාල ලබා ඇත්තේ ඉපලෝගම, අලුත්පුලියන්කුළම, විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටින අඹුසැමි යුවළක්ය.

හිරිපිටියාගම ක්‍රීඩාපිටියේ ඊයේ (25) පැවති ඉපලෝගම ප්‍රාදේශීය සභා අවුරුදු උළෙල අතරතුරදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස තමන්ට පහර දුන් බව ඔවුන් පවසති.

පහර කෑමට ලක්වූ යුවළ කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. 

ඉන් කාන්තාවගේ කනෙන් රුධිරය වහනය වී ඇති බවත්, ඇගේ සැමියාගේ අතෙහි සන්ධි බිදීමකට ලක්ව, හිස හා පාද ඇතුලු ස්ථාන කිහිපකයට තුවාල සිදුව ඇති බවත් ඔවුන් පවසති.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉපලෝගම පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka