gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිලියන දෙකහමාරේ මංකොල්ලේ ආණ්ඩුවේ වැඩක්… සයිබර් ප්‍රහාර කියලා හැකරුන්ට අපහාස කරන්න එපා…! – දිලිත් ජයවීර….

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති ණය පරිපාලනය මුදල් අමාත්‍යංශයට ලබා දී සිදුකළ ඩොලර් මිලියන දෙකහමාර වංචාව ආණ්ඩුව ඍජුව සිදුකොට හෝ ඊට අනුබල දී හෝ ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

මෙය හැකර් ප්‍රහාරයක් යැයි පැවසීම හැකරුන්ට කරන අපහාසයක් බවත් එය ආණ්ඩුව අත පිසදා ගැනීමට තෝරාගෙන ඇති වචනය බවත් පවසන දිලිත් ජයවීර, මෙය දුර්වල රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය බවද සඳහන් කරයි.

හර්ෂණ සූරියප්පෙරුම වැනි මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට කිසිසේත් නුසුදුසු අයකු එම ධුරයට පත්කර මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු වැනි නොදරුවෙකු කිසි දිනක මෙම තනතුරට පත්ව නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරය නිසා මිලියන දෙකහමාරට වඩා රටේ කීර්ති නාමයට හානියක් වන බවත් කිසියම් පිරිසක් සිදුකළ මෙම වංචාව පිළිබඳ විමර්ශනය සඳහා මුදල් ඇමති සහ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka