gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්ද‍්‍රව්‍ය ගෙනා චීවරධාරීන් සසුනෙන් නෙරපයි - මහ නාහිමිවරුන්ගෙන් නිවේදනයක්!

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් සහ භික්ෂු ප්‍රතිරූපය මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ පිරිසගේ ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිති.

මෙම ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ කරුණු විභාග කොට ඔවුන් වහාම සසුනෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බව උන්වහන්සේලා අවධාරණය කර සිටිති.

මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමකට හිමි සම්ප්‍රදායික ගෞරවය සහ ශ්‍රද්ධාව අවභාවිත කරමින් සිදුකරන මෙවැනි විනාශකාරී ක්‍රියා මැඬපැවැත්වීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් විය යුතු බව මහානායක හිමිවරු පෙන්වා දෙති.

විශේෂයෙන්ම මෙවැනි භික්ෂු ප්‍රතිරූපකයින් සසුනෙන් නෙරපීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම රජයේ වගකීමක් බව උන්වහන්සේලා අවධාරණය කරති.

තරුණ භික්ෂූන් වහන්සේලා උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා පොළඹවා ගන්නා සංවිධානාත්මක කණ්ඩායම් සහ බෙදාහරින්නන් පිළිබඳව ආරක්ෂක අංශ වහාම විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, තරුණ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, යම් විනය විරෝධී ක්‍රියාවක් නිරීක්ෂණය වන්නේ නම් ඔවුන් ආයති සංවරයෙහි පිහිටුවීමට ආචාර්යවරුන් වගබලා ගත යුතු බවත් මහානායක හිමිවරු වැඩිදුරටත් උපදෙස් දෙති.

මෙම නිවේදනය සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන හිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමි සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලැවේ ශ්‍රී විමල හිමි යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අත්සන් තබා ඇත.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka