gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එහෙම නම් අපිත් එහෙමයි! ආයෙ සාකච්ඡා නෑ! නලින්ද GMOA දොස්තරවරු එක්ක මුහුණට මුහුණ සටන් කරන්න ලෑස්ති වෙයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගම‌ය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ…මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්” යනුවෙනි. 

දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරගෙන යන වැඩවර්ජනය තව දුරටත් සිදුනොකරන ලෙස තමා ඉල්ලා සිටින බවද පැවසු අමාත්‍යවරයා අද දිනයේ සිට වැඩභාරගැනීමට නියමිත නවක වෛද්‍ය නිලධාරීන්ට කිසිදු බියක් නොමැතිව රාජකාරියට වාර්තා කරන ලෙස ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නියමිත බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී යම් වරදක් කර ඇත්නම් අධිකරණයේ සහාය පැතීම සුදුසුම දේ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

“දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා. එක පැත්තකින් මැද පෙරදිග අර්බුදයක් පවතින වෙලාවක මෙහෙම වැඩවර්ජනයක් කරන එක කිසිම සාධාරණයක් නෑ. අනිත් එක මේකට හේතුව කරගෙන තියනේනේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න GMOA සිටිය යුතුයි කියන ස්ථාවරයේ සිටිමින්, ඔවුන් වැඩවර්ජනය කරනවා. 

පළමු පත්වීමට මාරු මණ්ඩල අදාළ නෑ. ගිය අහඟහරුවාදා මේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹට කැඳවලා තර්ජනය කළා GMOA පත්වීම් ගන්න එපා කියලා. පත්වීම් අරන් යන අය ගැන එයාලා බලාගන්නම් කිව්වා. දිගින් දිගටම මාධ්‍ය මඟින් තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා. හැබැයි කණ්ඩායමේ 453ක් හිටියා, ඒකෙන් 436ක් අප්‍රේල් 4 වෙද්දි අයදුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා. ඉතුරු 17න් 16ක්ම සීමාවාසික පුහුණුවෙන් පස්සේ RHO එක හරියට නොකරපු අය. එක් අයෙක් තමා හරියට කිව්වොත් ඉල්ලුම් නොකළේ. මේ වැඩවර්ජනය කරන එක කිසිම පදනමක් නෑ.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka