gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ගල් අගුරු වහන්න ඇමති නැවතිලා නොරොච්චෝල ඉංජිනේරුවන්ට කප්පම් දෙනවා!

මහා පරිමාණ ගල්අඟුරු වංචාව වසා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා නොරොච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන්ට දීමනා ලෙස කප්පම් ලබා දෙමින් බලාගාරය පවත්වාගෙන යාමට දැඩි උත්සාහයක නිරත වන බව ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා චෝදනා කරයි.

අමාත්‍යවරයා මේ දිනවල නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ රැඳී සිටිමින් විදුලි ඉංජිනේරුවන්ට මෙම දීමනා ලබා දීමට කටයුතු කරන බවත්, එවැනි කප්පම් ලබා දීමෙන් සිදු කර ඇති ගල්අඟුරු වංචාව වසා දැමිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

දැනටමත් දිවයින පුරා රහසිගතව අභ්‍යන්තරික විදුලි කප්පදුවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එබැවින් අවම වශයෙන් දැන් හෝ විධිමත් විදුලි කප්පදුවක් ආරම්භ කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය විවේචනය කළ අබේසිංහ මහතා, ගල්අඟුරු "කාලා බලලා" ගෙනාවේ නැතත් එහි සිදුව ඇති දූෂණයන් ඉතා පැහැදිලි බව පවසා සිටියේය. ඉතිහාසය පුරාවට වෘත්තීය සමිති ලබාදුන් උපදෙස් නොසලකා හැරීම හේතුවෙන් අද වන විට රට මෙවැනි බරපතල ඉරණමකට මුහුණ දී ඇති බව ඔහුගේ අදහසයි.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ උපදේශකයෙකු ලෙස පත් කර ඇති නිරෝෂන් හැඩිගල්ලට රුපියල් ලක්ෂ පහක මාසික දීමනාවක් ගෙවීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී දැඩි විවේචනයක් එල්ල කළේය. "ඔබතුමාට තිබුණේ ඔය ලක්ෂ පහ සඳහා තමයි මම මෙච්චර සටනක් කළේ කියලා කියන්න. එහෙමනම් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ගාලු මුවදොර ඉදිරිපිට පාත්තරයක් තියලා ඔය මුදල මාසයක් ගානේ එකතු කරලා දෙනවා," යැයි ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

පවතින මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී විදුලි බිල සියයට 125කින් පමණ ඉහළ දැමීමට රජයට සිදුවනු ඇති බවටද කෝසල අබේසිංහ මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka