gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් ජනමාධ්‍යවේදියෙක්ට ‘සාම පාගමනේදී’ පහරදීලා!

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් සමාගමට අයත් සන්ඩේ ඔබ්සර්වර් ජනමාධ්‍යවේදී මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරාට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවාහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අවිහිංසාවාදය මුල්කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ ජනමාධ්‍ය ආවරණය සිදුකරමින් සිටියදී ලේක්හවුස් ආයතනයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකු වෙත පැමිණි චන්දන සූරියබණ්ඩාර මෙම පාගමන වාර්තා කිරීම සඳහා ඔවුන්ට බලයක් නොමැති බවත්, වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පැවසූ බව බුවනෙක එස්. පෙරේරා පවසයි.

තමන් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ ජනමාධ්‍යවේදියෙකු බවත්, ඒ මොහොතේ ගෙළෙහි පැළඳ සිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ජනමාධ්‍ය හැදුනුම්පතද චන්දන සූරියබණ්ඩාරට පෙන්වූවද, ඔහු එයද නොතකා තමන්ව තල්ලුකර දමා පාගමනේ සිටි පිරිස ඉදිරියේම මහ හඩින් බැනවැදුණු බව ජනමාධ්‍යවේදී බුවනෙක සදහන් කරයි.

කෙසේවෙතත් මෙම හැසිරීමට තමන් විරෝධය පළකළත් අවස්ථා කිහිපයකදීම ඔහුට මෙය වාර්තා කිරීමට අවසර නැති බව පවසමින් ඉතා පහත් අන්දමින් චන්දන සූරියබණ්ඩාර තමන්ට බැනවැදුණු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

එසේම බුවනෙක එස්. පෙරේරා සදහන් කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම ආයතනය හා රජයේ පාර්ශවයේ කිහිපදෙනකුම දැනුවත් කළ බවත් ඉන් අනතුරුව මහනුවර පොලීසියේ මීට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත්ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මෙම සිදුවීමට දැඩිව විරෝධය පළකර තිබේ.

ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඔවුන් සදහන් කරන්නේ, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදුකළ ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.

(උපුටාගැනීම – News 19)
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka