gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවම කළඹපු භාණ්ඩාගාර කොල්ලය ගැන රටට හෙළි නොකරපු හේතුව මෙන්න – මාලිමාවේ ලොක්කෙක් කට අරී!

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය වංචාව සැලසුම් සහගතව සිදු කළ එකක් නොව, අදාළ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අතර සන්නිවේදන ක්‍රියාවලියේ සිදුවූ දුර්වලතාවක් සහ අක්‍රමිකතාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් (Email) භාවිතා කරමින් වෙනත් ගිණුමකට බැර කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

මෙම වංචාකාරී ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය වූ වහාම රජය ක්‍රියාත්මක වී ඇති අතර, ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් එවැනිම මුදලක් වැරදි ගිණුමකට බැර වීමට ගිය අවස්ථාවේදී එය වළක්වා ගැනීමට මහා භාණ්ඩාගාර බලධාරීන් සමත්ව තිබේ.

විපක්ෂය විසින් එල්ල කරන “තොරතුරු සඟවාගෙන සිටි බවට” වන චෝදනාවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළ බවයි. 

මෙවැනි සයිබර් අපරාධ පිළිබඳ තොරතුරු කලින් අනාවරණය කිරීමෙන් හැකර්වරුන් (Hackers) ඔවුන්ගේ උපක්‍රම සහ ක්‍රමවේද වෙනස් කිරීමට ඉඩ ඇති බැවින් විමර්ශනවලට බාධාවක් නොවන පරිදි කටයුතු කළ බව ඔහු අවධාරණය කළේය.

මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද ක්‍රියාත්මක වේ. 

අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ සහයෝගය ද ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පවසන්නේ මෙවැනි සයිබර් අපරාධයක් සම්බන්ධ තොරතුරු අකාලයේ ප්‍රසිද්ධ කිරීමෙන් එම අපරාධය සිදුකළ හැකර්වරුන්ට (Hackers) තමන්ව හඳුනාගෙන ඇති බව දැන ගැනීමට ලැබෙන බවයි. 

එවැනි අවස්ථාවක ඔවුන් තමන්ව හසු නොවන පරිදි භාවිතා කරන ඩිජිටල් උපක්‍රම සහ ක්‍රමවේද වහාම වෙනස් කිරීමට පෙළඹෙන බැවින්, එය විමර්ශනවලට බාධාවක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙම සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පරිගණක අපරාධ අංශයට පැමිණිලි කර විමර්ශන ආරම්භ කර තිබුණි. එම විමර්ශන සාර්ථක කර ගැනීමට නම් තොරතුරු රහසිගතව තබා ගැනීම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

රජයේ මූලික ඉලක්කය වී ඇත්තේ අහිමි වූ ඩොලර් මිලියන 2.5 ක මුදල නැවත ලබා ගැනීමයි.

ඒ සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද ඇතිව කටයුතු කරන බැවින්, ප්‍රසිද්ධියේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් එම ක්‍රියාවලියට සහ හැකර්වරුන් කොටු කර ගැනීමට ඇති අවස්ථාවට හානි සිදුවිය හැකි බව ඔහු පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka