gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය පිළිබඳ බරපතල අනාවරණයන් සිදුකළ සාක්ෂිකරුවන්ට තර්ජන - රහස් පොලිසිය අධිකරණයට දන්වයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව මෑතකදී ඉතා වැදගත් සහ බරපතල කරුණු අනාවරණය කළ සාක්ෂිකරුවන්ට විවිධ පාර්ශවයන්ගෙන් තර්ජන එල්ල වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. 

මෙම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම පිළිබඳව රහස් පොලිසිය මෙහිදී දැඩි අවධානයක් යොමු කර ඇත.

ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන නව විමර්ශනවලට අදාළව ඉතා සංවේදී තොරතුරු අධිකරණයට සහ විමර්ශන නිලධාරීන්ට ලබාදුන් පුද්ගලයන් මෙලෙස තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම තර්ජන ගර්ජන හමුවේ විමර්ශන ක්‍රියාවලියට බාධා පැමිණිය හැකි බැවින්, අදාළ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ, මෙම තර්ජන සිදුකරන පුද්ගලයන් සහ ඔවුන් පිටුපස සිටින පාර්ශවයන් හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔවුන්ට උපරිම ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට ද අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka