gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කරයි

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් මේ වන විට අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් කර එවා ඇති බව වාර්තා වේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තහවුරු කරන පරිදි, මෙම හෙලිකොප්ටර් යානා පසුගිය 15 වනදා අමෙරිකාවේ ඇලබාමා හි පෝට් මොබයිල් වරායෙන් මෙරට බලා ගමන් ආරම්භ කර ඇති අතර ඒවා මැයි 24 වනදා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.

ප්‍රකට Bell 206 JetRanger යානාවල යුදමය සංස්කරණයක් වන මෙම හෙලිකොප්ටර්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නියමු පුහුණුව, ආපදා සහන මෙහෙයුම් මෙන්ම සෙවීමේ සහ මුදාගැනීමේ (Search and Rescue) කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය
මෙම යානා 10ම සැලකිය යුතු ලෙස නවීකරණය කර ඇති අතර, මෙම ප්‍රදානය හරහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහ මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බව තානාපතිවරයා පෙන්වා දෙයි.

මෙම යානාවල ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජිත පිරිසක් පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකාවේ විශේෂ සංචාරයක ද නිරත විය
වත්මන් ගෝලීය සහ කලාපීය ආරක්ෂක අභියෝග හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට මෙම නව යානා එක්වීම විශාල ශක්තියක් වනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka