gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ යාළුවෙක් කොවිඩ් කාලේ එකතු කළ තෙල් තවම තියෙනවා… දැන් එහෙම කරන්න එපා…! – ඇමති බිමල් රත්නායක

ජනතාව තෙල් පෝලිම්වලට ගොස් තෙල් එකතු කරන්නේ රාජපක්ෂ-විකමසිංහ සුද්දේ නිසා පසුගිය සමයේ විඳින්නට සිදුවූ දුක්ගැහැට නිසා බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මේ වන විට ආණ්ඩුව ඉන්ධන අර්බුදය කළමනාකරණය කරමින් සිටින බවත් මීට වඩා ඉතාම ගැඹුරු ඉරාන නැවේ ගැටලුවද ඉතාම මැනවින් කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබුණු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වන විට රට තුළ පැවති ප්‍රශ්න ආණ්ඩුව ඉතාම සැලසුම්සහගතව කළමනාකරණය කර ඇති බවත් ආණ්ඩුව බලය ගන්නා විට බිඳ වැටුණු ආර්ථිකය 5%ට ඔසවා තබා ඇති බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

එදා QR එක ලබා දුන්නේ ඍණ ආර්ථිකයකට වුවද අද දෙන්නේ 5% ඉක්මවා වර්ධනය වූ ආර්ථිකයකට බවත් QR එක තවමත් විධිමත් කරගත නොහැකි වී ඇත්තේ පැරණි ආණ්ඩු සමයේ වාහන පිළිබඳ නිවැරදි දත්ත තබා ගෙන නොමැති නිසා බවත් ඔහු අවධාරණය කරයි.

ඇමති බිමල් රත්නායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ සිය වව්නියාවේ මිතුරෙකු කතා කර කොව්ඩ් අර්බුදය අවස්ථා‌වේ එකතු කළ තෙල් තවමත් ඇතැයි කී බවත් ජනතාවගෙන් එලෙස තෙල් එකතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත්ය.

ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින් ඇමති බිමල් රත්නායක මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka