gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරණ තෙල් අලුත් මිලට විකුණලා සමාගම් අසාධාරණ ලාභයක් ලබනවා… ඒකට කරන්න දෙයක් නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

ඉදිරියේදී ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් කෙටි කාලයක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

ලෝකයටම බලපාන හේතු නිසා ඉන්ධන මිල වැඩි කෙරුණු බව කී අමාත්‍යවරයා ලෝකයේ බොහෝ රටවල තෙල් මිල වැඩි කර තිබෙන බවද සඳහන් කළේය.

මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි නොකළා නම් තෙල් සංස්ථාවට අමතරව ඇති පෞද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරන්නට හෝ නතර කරන්නට සිදුවන බව කී අමාත්‍යවරයා එවිට තෙල් සැපයුම අඩාල වෙන බව සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමේදී පෞද්ගලික සමාගම් සතුව තිබූ සංචිත ද නව මිලට විකිණීම නිසා එම සමාගම් අසාධාරණ ලාභයක් ලැබුවද ඔවුන්ද තෙල් සැපයුමේ කොටසක් බවත් එය එක රැයින් නතර කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

එම සමාගම් තෙල් ආනයනය අඩු කළහොත් පරිභෝජනයට සහ කර්මාන්ත සඳහා තෙල් හිඟ වන බැවින් එය සමස්තයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට තෙල් සංස්ථාවට හැකියාවක් නොමැති බවද කියා සිටියි.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka