gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව ආසන්නයේ තිබූ ඉරාන නැවට පහරදීම ගැන ට්‍රම්ප් නාවික හමුදාවෙන් ප්‍රශ්න කරලා

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවය.

“මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?” යනුවෙන් ඔහු එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව තම ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත්, ඔහු එය හැඳින්වූයේ “සර්, එය වඩාත් විනෝදජනකයි” යනුවෙන් බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් මෙම ඉරාන නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ IRIS Dena නෞකාව ගිල්වා දමන ලදී.

මෙම ප්‍රහාරයෙන් නාවියන් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලැබීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka