gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උඩුගම අවුරුදු දෙකයි මාස හතරක දැරිය අනාරක්ෂිත ළිඳට වැටී මරුට

උඩුගම පොලිස් වසමේ අක්කර 05 අලුත්වත්ත නාකියාදෙණිය ප්‍රදේශයේ වයස අවුරුදු 2යි මාස 4ක් වයසැති දැරිවියක් මෙසේ පසුගිය (08දා) අවසනාවන්ත ලෙස සිය ඥාතී නිවසක අනාරක්ෂිත ළිඳකට වැටී මරණයට පත්ව තිබූ අතර මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය 9 වැනි දින උඩුගම මූලික රෝහලේදී පැවැත්විණි.

මෙහිදී මෙසේ ඉතා අවසනාවන්ත ලෙස මෙම අනතුරෙන් මියගිය ඉනුකි ලිනාරා දියණිගේ මව වන අයෝෂා සමන්මලි වයස( 27) සාක්ෂි දෙමින් මෙසේ පැවසීය .

මෙසේ මියගොස් සිටින්නේ මගේ දරුවා. මම විවාහ වෙලා දරුවන් දෙදෙනකු ඉන්නවා.එම දරුවන් දෙදෙනාට වයස අවුරුදු 7ක් සහ 5ක් වෙනවා.එම දරුවන් මගේ පෙර විවාහයේ ස්වාමියාගේ බප්පා ළඟ ඉන්නේ.

පසුව මීට වසර තුනකට පමණ පෙර මම ඉන්දික කියන මෙම මියගිය දරුවාගේ පියා සමග එකට ජීවත් වෙනවා .නමුත් මගේ පැරණි විවාහය නිසා මෙම විවාහය නීත්‍යානුකූල ලෙස සිදු වුණේ නැහැ.පසුව මට මෙම දරුවා ලැබෙන්න සිටින විට ඉන්දික මම දලා ගියා. පසුව ඔහු 2024 වසරේ නැවත පැමිණියත් ආපසු මම සහ දරුවා දාලා ගියා.

මම දැනට යක්කලමුල්ල නගරයේ පවත්වාගෙන යන තේ කාර්මන්තය ශාලාවක සේවය කරනවා මම දැනට පදිංචි වෙලා ඉන්නේ අක්කර 5 අලුත්වත්ත නාකියාදෙණිය ප්‍රදේශයේ මගේ අම්මාගේ අම්මා වන ආච්චිගේ නිවසේ තමයි පදිංචි වෙලා ඉන්නේ .මගේ අම්මා සහ තාත්තා පසු කාලයේ වෙනත් විවාහයක් සිද්ධ කරගෙන වෙනත් ප්‍රදේශයක තමයි ඉන්නේ මගේ ආච්චිගේ වයස අවුරුදු 74ක් සහ සීයාගේ වයස් අවුරුදු 75ක් වෙනවා.මේ පවුලම ජීවත් වෙන්නේ මම උපයන වැටුපෙන්.

මම ඊයේ දිනයෙත් වෙනදා වගේ උදේ 5.55ට වැඩට ගියා නැවත වැඩ කරලා සවස 5.30ට පමණ ගෙදර ආවා.ගෙදර ඇවිත් අපේ නිවස අසල තියෙන පුංචිගේ ළිඳට නා ගන්න ගියා. එවිට මම නාද්දී දරුවා එතනට අවා අපේ ගෙදර ළඟ ඉඳලා ළිඳට අඩි 40ක විතර දුරක් තියෙනවා.මේ ළිඳට එන්න ඕන අපේ පුංචිලාගේ නිවස පසුකරන්.මම නාන වෙලාවෙම දරුවාගේ ඇඟ සෝදලා දරුවා පුංචිගේ ගෙදරට යැව්වා.පුංචිලගේ ගෙදරින් ඉන්න කියලා.

පසුව මම දැක්කා දරුවා පුංචිලගේ මිදුලේ සිටී බල්ලෙක් සමග සෙල්ලම් කරනවා.එවිට මම කෑගහලා කිව්වා බල්ලා හපාවී පුංචිලගේ ගේ ඇතුළට යන්න කියලා එවිට දරුවා ගේ ඇතුළට ගියා පසුව මම නාගෙන ගෙදර ආවා.හැමදාම මේ වෙලාවට දරුවා ඉන්නේ පුංචිලාගේ ගෙදර සෙල්ලම් කර කර පසුව මම තේ බිලා දරුවා එක්ක ගෙන එන්න පුංචිලාගේ ගෙදර ගියා ඒ වෙලාවේ පුංචි එක පාරටම කෑගහලා කිව්වා දරුවා ළිඳට වැටිලා කියලා.

පසුව මම එතනට දුවගෙන ගියා.එතොකොට ළිදේ වැටිලා හිටිය දරුවා පුංචි අරගෙන තිබුණේ.පසුව පුංචි දරුව අරගෙන උඩුගම රෝහල⁣ට බයික් එකක නංවාගෙන අරන් ගියා.

එවිට දරුවට සිහිය තිබුණෙත් නැහැ.පසුව මම උඩුගම රෝහලට ගියා එව්ට දරුව දැඩි සත්කාර ඒකකයේ සිටියා. මට එතනට යන්න දුන්නේ නැහැ පුංචි එතන හිටියා. මම එළියේ බලාගෙන හිටියා දොස්තරලා ⁣ඒ වෙලාවේ දරුවා වට කරගෙන හිටියේ පසුව එක දොස්තර මහත්තයෙක් එළියට ඇවිත් කිව්වා කලබල වෙන්න එපා අපි ගෙඩක් මහන්සි වුණා දරුවා බේරා ගන්න එත් බැරි වුණා කියලා.

මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මෙසේ උඩුගම මූලික රෝහලේදී පැවති අතර මෙම මරණය සම්බන්ධයෙන් සියලුම සාක්ෂි ලබා ගැනීමෙන් පසුව මෙම දැරිවියගේ මරණය ළිඳට වැඩිම නිසා වතුර ගිලී සිදුවූ මරණයක් බවක් .වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක් බවත් මෙම වයසේ පසුවන දරුවන් සිටිනා දෙමාපියන් මීට වඩා තම දරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කිරීම මගින් මෙවැනි අවසනාවන්ත මරණ අවම කළ හැකි බවත් පැවසීය .

මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම උඩුගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.ඩී.කේ.ගීතාංජල , යක්කලමුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක අතුල ඩයස් සූරියආරච්චි උඩුගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් කරුණාතිලක (58877) යටතේ සිදුකෙරිණි .

-දමිත් සඳනුවන් කීර්ති
-aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka