gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එංගලන්තයේ හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයා වරදකරු වෙයි

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර තිබේ. 38 හැවිරිදි සුකීර්තන් තංගරාසා නමැති මෙම පුද්ගලයාට එරෙහිව පෝර්ට්ස්මත් ක්‍රවුන් ‘Portsmouth Crown Court’ අධිකරණයේදී නඩු විභාගය පවත්වා තිබේ.

2025 අගෝස්තු 15 වන දින සවුත්හැම්ප්ටන් හි ‘හයිෆීල්ඩ් හවුස්’ (Highfield House) හෝටලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, සැකකරුට දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහායද අධිකරණයේදී ලබා දී තිබුණි.

පැමිණිල්ල මෙහෙයවූ ජැක් ෆර්නස් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, තංගරාසා සිය ජංගම දුරකථනය ක්‍රියා නොකිරීම හේතුවෙන් කෝපයට පත්ව හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවය.

“මම ශ්‍රී ලංකාවේ කෙනෙක්, ඉන්දියාවේ සහ පකිස්තානයේ ඉන්න ඔයාලා වගේ කුඩා මිනිස්සු මට ගරු කරන්න ඕනේ” යනුවෙන් පවසමින් ඔහු සේවකයින්ට බැණ වැදී ඇති බව සඳහන් වේ.

එහිදී ඔහු සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර, එය නැවැත්වීමට උත්සාහ කළ සේවකයන් දෙදෙනෙකුට පහරදුන් බවට ද අදාළ සැකකරු මීට පෙර අවස්ථාවකදී  වරද පිළිගෙන ඇති බව සඳහන් වේ.

ආරක්ෂක කැමරා දර්ශන මඟින් මෙම සිදුවීම සනාථ වී ඇති අතර, තමන් නිරුවත ප්‍රදර්ශනය කළ බව ඔහු පිළිගත්තද, එය අනෙකෙකු බිය ගැන්වීමේ චේතනාවෙන් සිදුනොකළ බව ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්, සාක්ෂි සලකා බැලූ ජූරි සභාව ඔහු වරදකරු බවට තීරණය කළ අතර නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka