gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය වටේම තෙල් ගබඩාවලට පහර දෙයි.. තෙල් නැවු ගිනි තියයි...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පැවති යුද්ධය ජයගත් බවට කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින්, ඉරානය විසින් ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව් දෙකකට ප්‍රහාර එල්ල කර ගිනි තබා ඇත. මෙම ප්‍රහාරයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානය අනතුරු අඟවයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරත් සමඟ ආරම්භ වූ මෙම ගැටුමෙන් මේ වන විට පුද්ගලයින් 2,000කට ආසන්න පිරිසක් මියගොස් ඇත. ඉන් 1,100ක්ම දරුවන් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වාර්තා කරයි.

ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති අතර ආසියානු වෙළඳපොළේ තෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.

ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදුවන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' මේ වන විට අවහිර වී ඇති අතර එය තම පාලනය යටතේ පවතින බව ඉරානය පවසයි.

ඉරානය විසින් මුහුදේ බෝම්බ අතුරා ඇති බැවින් නෞකා ගමනාගමනය තවදුරටත් අනතුරුදායක වී ඇත.

පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් ගෝලීය උපායමාර්ගික සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදා හැරීමට නිර්දේශ කර ඇත. ඉන් බැරල් මිලියන 172ක් ඇමරිකානු සංචිතවලින් මුදා හැරීමට ජනාධිපති ට්‍රම්ප් අනුමැතිය ලබා දී තිබේ.

කෙසේ වෙතත්, ඉරාන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ කලාපීය ආරක්ෂාව අස්ථාවර කර ඇති බැවින්, ලෝක ප්‍රජාව ඩොලර් 200 බොරතෙල් මිලකට සූදානම් විය යුතු බවයි.

මේ අතර, ඉරානයේ නායකත්වය තවමත් ශක්තිමත්ව පවතින බවත්, එය කඩාවැටීමේ අවදානමක් නොමැති බවත් ඇමරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka