gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ විවාහ මංගල්‍යයේ විදුලි බිල පත්තුවෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අදාළ රුපියල් මිලියන දෙකකට අධික විදුලි බිල නිසි වේලාවට අයකර නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ගොනු කළ පෙත්සම ජූලි මස 01 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නියම කළේය. 

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනුණි.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට සමාගම් පහකට ප්‍රතිව්‍යුහගත කර ඇති බැවින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර අවශ්‍ය බවයි. 

සාමාන්‍ය ජනතාවගේ සුළු විදුලි බිලක් පවා නොගෙවූ සැනින් විදුලිය විසන්ධි කරන මණ්ඩලය, දේශපාලනඥයෙකුගේ මෙතරම් විශාල බිලක් වසර ගණනාවක් යනතුරු අය කර නොගැනීම අසාමාන්‍ය හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව නීතිඥවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, වගඋත්තරකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත කුමාරසිංහ මහතා සඳහන් කළේ අදාළ විදුලි බිල මේ වන විටත් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවයි. 

බිල ගෙවා තිබුණද, මණ්ඩලය අනුගමනය කළ මෙම පක්ෂග්‍රාහී පිළිවෙත මගින් ජනතාවගේ සමානත්වයේ අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා ගැනීම සඳහා නඩුව ඉදිරියට ගෙන යන බව පෙත්සම්කාර පාර්ශවය සඳහන් කළේය. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර වැඩිදුර විභාගය ජූලි මස දක්වා කල් තැබීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka