gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අකුරේගොඩ ඝාතකයෝ මෝටර් රථයට ගිනිතබති... සාක්‍ෂි මකති

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ සැකකටයුතු මෝටර් රථය ගාල්ල, අගලිය ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය පවසයි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී, අගලිය කුට්ටියාවත්ත අතුරු මාර්ගයක දමා ගොස් තිබූ මෙම වාහනය සොයා ගැනීමට හැකි විය. 

පොලිස් කණ්ඩායම එම ස්ථානයට ළඟා වන අවස්ථාවේදීත් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් මෙම මෝටර් රථයට ගිනි තබා තිබූ බව අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka