gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ UK ගමන ගැන CID ලිපියට Wolverhampton ප‍්‍රතිචාර නොදක්වයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ සිදුකළ සංචාරයට අදාළව තොරතුරු විමසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යොමු කළ ලිපිවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 4 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රශ්නාවලිය විද්‍යුත් තැපෑල (Email) මඟින් මෙන්ම ගුවන් තැපැල් (EMS) මඟින් ද එම විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් මහත්මිය සහ සහකාර විධායක නිලධාරියෙකු වෙත යොමු කර තිබුණි. මෙහි පිටපතක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ද යොමු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ සහභාගී වූ උපාධි ප්‍රදානෝත්සවය සඳහා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය නිල මට්ටමේ එකක් ද නැතහොත් පෞද්ගලික මට්ටමේ එකක් ද යන්න තහවුරු කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වී තිබේ. විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්න 9කින් සමන්විත ප්‍රශ්නාවලියක් යොමු කර ඇති බව අධිකරණයට දන්වා ඇත.

මෙම සංචාරයේදී රජයේ මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව, දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ සතියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී ඔහු එළඹෙන පෙබරවාරි 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

විත්තිකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සංචාරය සඳහා අනුමත ඇස්තමේන්තු සකස් කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන මහත්මිය විසින් බවයි.

එම ඇස්තමේන්තු සකස් කිරීමේදී ඒකනායක මහතාට කිසිදු භූමිකාවක් නොතිබූ බවත්, ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර තිබූ බවත් නීතිඥවරයා පැවසීය. එම ඇස්තමේන්තු සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යාංශයට තිබූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ විශ්වවිද්‍යාලයෙන් මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවයි. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka