gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පුරා නීතීඥයන් අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති...

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින්, හෙට (16) දිනය පුරා දිවයිනේ සියලුම අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (15) කොළඹදී පැවැති නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, එහිදී ඒකමතිකව යෝජනා හතරක් සම්මත කරගත් බවයි. 

එම යෝජනා මගින් ප්‍රධාන වශයෙන් අවධාරණය කර ඇත්තේ,

වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

මෙම අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව දැඩි කම්පනයටත්, විරෝධයටත් පත්ව ඇති අතර, යුක්තිය ඉටු කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka