බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ බුදුපිළිම නඩුවට අදාළ සැකකරුවන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී, එක් රැඳවියකුට බන්ධනාගාර නියාමකවරයකු පහර දුන් බවට ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
සීගිරිය ලකේගල විහාරස්ථානයේ ධම්ම ලක්ෂිත හිමියන් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, බන්ධනාගාර බස් රථයට නංවා ගන්නා අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.
පහරදුන් පුද්ගලයා හෝ පහර කෑ රැඳවියාගේ අනන්‍යතාවය මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, පොලිසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
වරාය පොලිස් ස්ථානාධිපති සසංක කුමාර සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!
2026-02-11T12:00:00+05:30
Gossip Lanka Hot News





