gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිම චෝදනාවක් නැතුව කස්සප හිමිව රිමාන්ඩ් කරලා – දිලිත්

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් පල කර තිබුණා.

ඔහු එහිදී කියා සිටියේ, නිසි අයුරින් කිසිදු චෝදනාවක් ගොනු නොකර මෙම ස්වාමීන් වහන්සේලා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා මුස්ලිම් ජාතිකයෙක් බවත්, ඔහු ඉතාම සාධාරණ අයුරින් කටයුතු කරන අතර රජයේ සහයෝගය ලබාගෙන මෙම ස්වාමීන් වහන්සේලා ඇතුළු එම පිරිසට ඇප ලබාදීම සඳහා කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළා.

එහෙත් රජය විසින් තමන්ගේ යාන්ත්‍රණය අවභාවිතා කරමින් මෙම ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට ඇති අවස්ථාව සෑම ආකාරයකින්ම අහිමි කරන බවත්, එම භික්ෂූන් වහනසේලාට දණ්ඩණයක් ලෙස මෙම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ක්‍රියාත්මක කරන බවත් මන්ත්‍රිවරයා කියා සිටියා.

“මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි සියළුම දෙනාම දැඩි පියවරක් ගත යුතුයි. මේ රජයට බල කරනට මෙසේ නීතිය අවභාවිතා කිරීමෙන් වළකින්න කියලා. ඒ සඳහා අපි උත්සහ කරනවා මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසෙන්නට. ඇත්තටම මෙවැනිම සමාන සිද්ධිය ඇති වුණු අවස්ථාවකදී ක්‍රිස්තියානි පූජකවරයෙක්ට පහරදීමක් සිද්ධ වුණා පොලිසියෙන්. ඒ වෙලාවේ පොලිස් නිල්ධාරීන් අත්අඩංගුවට ගත්තා. දැන් මේකෙදිත් මේ ස්වාමීන් වහන්සේලාට පොලිසියෙන් පහර දීමක් සිදු වුණා. පොලිසිය නිදැල්ලේ, ස්වාමීන් වහන්සේලා හිරගෙදර. දැන් මෙහෙදී කාදිනල් වහන්සේ ඇතුළු කතෝලික පූජකවරුන් පෙනී හිටියා මේ අසාධාරණය දක්වන්න. යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද නීත්‍යානුකූලව නිවැරදි කරගැනීමට පුලුවන්. ඒ සඳහා උන්වහන්සේලාට විරුද්ධව ඒ ගිහියන්ට විරුද්ධව පුලුවන් චෝදනා ගොනු කරලා නඩු අහන්න. ඒක නෙවෙයිනේ මේ කරන්නේ. ඉතාම දුෂ්ඨ විදිහට ඉතාම නරක විදිහට තමනගේ යාන්ත්‍රණය අවභාවිතා කරමින් රජය නැති සමාජ ප්‍රශ්නයක් නැති ජාතිවාදයක් මේ අපේ මව්බිමේ ඇති කරන්නට හදනවා.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka