gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමරිසි ප්‍රවර්ධන ව්‍යාපෘතියට යොමුකළ ලිපිය ඉවත්කරගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා ඊයේ (10දා) අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත්කර ඇති එම ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ඒ බව අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය ඉදිරියේදී කැඳවිණි.

පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා එය ලබන මාර්තු 4 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා නම් කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එමගින් සමරිසි සංචාරක ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාව පළකර ඇති බවත් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

මෙම ලිපිය පිළිබඳ තොරතුරු අනාවරණ වීමෙන් පසුව මතු වූ මහජන විරෝධතා මෙන්ම මහ නාහිමිපාණන් වහන්සේ සහ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජයට නොමැති බවට සඳහන් කර තිබූ බවත්, වෛද්‍ය ගුණදාස අමරසේකර හා වෛද්‍ය වසන්ත බණ්ඩාර සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවට කැඳවා පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණයට පෙන්වාදුන්නේය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka