gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මම මේ උදේ ඇවිල්ලා දුවගෙනම ආවා විශ්වාසභංගයට මූණ දෙන්න කෝ ගේන්නේ නැද්ද? ... අපරාදේ..." - අගමැතිනි

අගමැතිනියට එරෙහිව විපක්ෂය ගෙනෙන බව කී විශ්වාස භංගය අත්සන් ප්‍රශ්න හා අභ්‍යන්තර මත ගැටුම් මත අත්හැර දමා ඇති පසු බිමක අද දින පාර්ලිමේන්තුවේදී අගමැතිනි හරිනි අමරසූරිය ඒ ගැන කථා කලාය. ඒ මෙසේය.

"හයවැනි ශ්‍රේණියේ පළමු මොඩියුලයේ ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ වැරැද්ද අපි භාරගත්තා. ඒ වැරැද්ද භාරගෙන එය නිවැරදි කරන්න අපි වහාම කටයුතු කළා. වගකිව යුතු ආණ්ඩුවක් හැටියට කළ යුත්තේ එයයි. එය නිවැරදි කිරීම අපේ වගකීමක්. ඒ වගකීමත් එක්ක තමයි අපි මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. නමුත් විපක්ෂය මෙතනදී උත්සාහ කළේ මොකක්ද? අන්තර්ගතය ගැන කිසිම දැනුමක් නැතුව, කිසිම හැඟීමක් නැතුව, ඉතාමත්ම වෛරී සහගතව ඒ කාරණය උලුප්පා දක්වන්නයි ඔවුන් උත්සාහ කළේ.

මේ අය හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ මේ ආණ්ඩුව පෙරළා දමන්නයි. දැන් අප්‍රේල් මාසය නොවෙයි, දෙසැම්බර් වෙනකොට අලුත් ජනාධිපති කෙනෙක් එනවා කියලත් මම දැක්කා. මේ අය කියන විදිහට අගමැතිව අයින් කරනවා කිව්වා, ඒ සඳහා ගෙනා යෝජනාවත් ඉල්ලා අස්කරගෙන කල් දැම්මා.

මම ඒක එනකම් බලාගෙන ඉන්නේ. ඒ විශ්වාසභංග යෝජනාව (No Confidence Motion) එනකම් මම බලාගෙන ඉන්නේ. ජනාධිපතිව අයින් කරගන්න බැරි නම්, අඩුම තරමේ අගමැතිව හරි අයින් කරන්න උත්සාහ කරන්න එපැයි. නමුත් කොයි විදිහේ උත්සාහයක්වත් නෑනේ. ඉතින් අද උදේ පාන්දර දුවගෙන ආවේ මේ විශ්වාසභංගයට මුහුණ දෙන්න කියලා හිතාගෙනයි.

අපරාධේ, අපි ඒකට ලෑස්ති වෙලා හිටියේ. මම ඒකත් කියන්නම්. ඔබතුමන්ලා ඒ විශ්වාසභංග යෝජනාව ගේන්න ඕනෑ. මේ රටේ ජනතාව තීරණය කළොත් මේ අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා, අපි ගෙදර යන්නත් සූදානම්. අපි වග කියන්නේ මේ රටේ ජනතාවට සහ අපේ හෘද සාක්ෂියටයි. ඒ අනුවයි අපි වැඩ කරගෙන යන්නේ.

ගරු කථානායකතුමනි, අපි මේ ගෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද ලෝකයට ගැළපෙන ඒවා. අද ලෝකය අතිශයින්ම සංකීර්ණයි. කාටවත් අත දිගු කරන්න බැරි විදිහට වේගයෙන් වෙනස් වෙනවා. අපි වගේ රටවල් විතරක් නෙවෙයි දියුණුයි කියන රටවල් වුණත්, මේ අධ්‍යාපනය වෙනස් විය යුතු දිශානතීන් ගැන අද කතා කරමින් ඉන්නවා.

අපි එවැනි අතිශයින් බරපතළ සාකච්ඡාවක ඉන්න මොහොතක, මේ වගේ බාල, තුට්ටු දෙකේ සාකච්ඡා කරලා වැඩක් නෑ. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ මෙතනට දියුණු සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ දියුණු සාකච්ඡාව ගන්න අපි හැමවෙලාවෙම සූදානම්. ඒ සඳහා මේකේ අන්තර්ගතය හොඳට බලලා, ලෝකේ සිද්ධ වෙන දේවල් ගැනත් හොඳට අධ්‍යයනය කරලා, මතුපිටින් වචන ටිකක් විතරක් අහුලගන්නේ නැතුව, ඇත්තටම බරපතළ විදිහට අපි මේ සංවාදය කරමු කියන යෝජනාව කරනවා. මට ලබාදුන් කාලයට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.

බොහොම ස්තුතියි."
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka