gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂ පාලනය තුළ හිටිහැටියේ ධනවත් වූ නිලධාරීන් ගැන විමර්ශනයක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය ආරම්භයේ සිට එය අවසන් වන තෙක් ඔහු යටතේ පැවති ආයතනවල සේවය කළ ඉහළ නිලධාරීන්ගේ දේපල සහ අයථා වත්කම් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙන අතර 2005 වසරේ සිට කටයුතු කළ නිලධාරීන් පිළිබඳව මෙම විමර්ශනය සිදු කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

රාජපක්ෂ පාලනය තුළ හිටිහැටියේම ධනවතුන් බවට පත් වූ නිලධාරින් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ට ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න අවධානය
යොමු කරමින් පරීක්ෂණ කටයුතු දියත් කරන ලෙස සිවිල් සංවිධාන සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අල්ලස් කොමිස් මෙන් ඉල්ලීමක් කර තිබේ.

කිසිදු වත්කමක් නොමැතිව සිටි ඇතැම් නිලධාරීන් හිටිහැටියේම මහා පරිමාණ ධනවතුන් බවට පත්ව ඇති බවට පත්වීම පිළිබඳව ජනතාව තුළ බරපතළ සැකයක් පවතින බව සිවිල් සංවිධාන වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka