gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව සුජීව සේනසිංහගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්!

වර්තමාන ආණ්ඩුව විසින් විගණකාධිපතිවරයකු පත් නොකිරීම සහ නීතිපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල නිරත වන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ඊයේ (23) ජාත්‍යන්තර ප්‍රජාව වෙත නිල වශයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 

මෙරට සිටින සියලුම විදේශීය තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙත මෙම ලිපිය යොමු කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම පැමිණිල්ල මෙරට නියෝජිතයන්ට පමණක් නොව, අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ලෝක නායකයන් වෙත ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ පොදුරාජ්‍ය මණ්ඩලය වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන වෙත ද යොමු කර තිබේ. විගණකාධිපතිවරයා පත් නොකිරීම හරහා රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය බිඳ වැටෙන බවත්, නීතිපතිවරයාට බලපෑම් කිරීම මඟින් නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වන බවත් පෙන්වා දෙන සේනසිංහ මහතා, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka