gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී පඩි එකතු කරන පැලවත්තේ ගිණුමට අල්ලස් කොමිසමෙස් ලොකු ලෙඩක් අදී!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කරන්නේද නැතහොත් වෙනත් නිශ්චිත පොදු ගිණුමකට බැර කරන්නේද යන්න පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවෙන් කරුණු විමසා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වන දින උදය ගම්මන්පිල මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී. ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප් ලෙස ගෙවනු ලබන මහජන මුදල්, දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා බවත්, එය දූෂණ ක්‍රියාවක් බවත් එම පැමිණිල්ල මගින් ඔහු චෝදනා කර තිබුණි.

පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ, මෙම විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් තමා නිල වශයෙන් කරුණු විමසා සිටින බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඒ අනුව, අදාළ වැටුප් ගෙවීම් සිදුවන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට කොමිසම මේ වන විට පියවර ගෙන ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka