gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ආණ්ඩුවෙන් දවස් දෙකක්!

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ  23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සඳහා විපක්ෂය සුදානම් නොමැති නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය වන බවත් ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සුදානම් නොමැති බවත්ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka