gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයන් පත් කිරීමේ දී හරිනි – සජිත් ගැටෙති… මේ සතියේ සාකච්ඡා ඇනහිටී…

අපේක්ෂා කළ පරිදිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය අතර සාකච්ඡා අර්බුදයකට ලක් වෙමින් තිබේ. සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ  සිවිල් සමාජය නියෝජනය කරන ආදේශක සාමාජිකයින් තිදෙනාගේ නම් සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟ නොවූ බැවින් මේ සතියේ සාකච්ඡා ඇනහිට ඇති බවය.

ඉවත්ව යන සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනා වන ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජන් සහ ආචාර්ය දිනේෂා සමරත්න යන අයගේ ධුර කාලය සිකුරාදා අවසන් වූ බැවින්, නව පත්වීම් සම්බන්ධයෙන් අගමැති සහ විපක්ෂ නායක අතර සාකච්ඡා දිගටම පැවතී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, සිවිල් සමාජය නියෝජනය කරන ව්‍යවස්ථා සභා සාමාජිකයින් තිදෙනා පත් කළ හැක්කේ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේම එකඟතාවයෙන් පමණි. සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති නවතම සාකච්ඡාවේදී, ආචාර්ය අමරසූරිය සහ ප්‍රේමදාස යන දෙදෙනාම තමන්ගේම නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණු බවය.

එම වාර්තාවට අනුව අගමැති අමරසූරිය නම් හතක් ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා නම් දහයක් ඉදිරිපත් කළ බවත් සඳහන් වේ.  සජිත් ප්‍රේමදාස  ඉදිරිපත් කළ නම් අතර හිටපු උපකුලපතිවරයෙකු, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ වෘත්තිකයන් කිහිප දෙනෙකු ද සිට ඇත. සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ නාමයෝජනාවලින්  දෙදෙනෙකු සම්බන්ධයෙන් එකඟ වීමට කැමැත්තෙන් සිටින බව රජයේ පාර්ශවය දැනුම් දී තිබුණත්  රජය පාර්ශයව දන්වා ඇත්තේ එම එකඟත්වයට තහවුරු කරන්නේ තමන් විසින් නාමයෝජනා කළ  එක් අයෙකුට එකඟ වුවහොත් පමණක් බවය.

ඒ අනුව අගමැතිවරිය ඉදිරිපත් කළ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකුගේ නාම යෝජනාව විපක්ෂ නායකවරයා විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.  අදාළ නාමයෝජනා ලැබූ තැනැත්තාගේ මෑත කාලීන හැසිරීම සලකා බලන විට හෙතෙම ව්‍යවස්ථා දායක සභාවේ  සාමාජිකයෙක්  ලෙස අපක්ෂපාතීව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

අගමැතිවරිය නම් කළ අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ විරෝධය මතුවන්නේ, හිටපු දිස්ත්‍රික් ලේකම්වරයා 2024 ඔක්තෝබර් මාසයේදී වත්මන් රජය විසින් පත් කරන ලද කමිටුවක සාමාජිකයෙකු ලෙස සේවය කිරීම නිසාය.

කෙසේ වෙතත්, රජය අවධාරනය කර ඇත්තේ  විපක්ෂ නායකවරයා  විසින් ඉදිරිපත් කරන ලද නම් දෙකකට එකඟ වීමට නම්, ඔහු තම නාමිකයාට එකඟ විය යුතු බවය.  එසේ නොවුනහොත්   සාකච්ඡා ඇණහිටීමක් ඇති වන බවත්ය.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka