gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බසයක් පෙරළී රියදුරු මරුට අටක් රෝහලට (Video)

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය  වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (18)  උදෑසන හල්දුම්මුල්ල ඌව තැන්න නායමඩිත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් බස් රථය මාර්ගය හරහා පෙරළී ගොස් රියදුරු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

බස් රථයේ රියදුරු ආසනපටි පැළඳ නොසිටි බවට සහ එක්වරම රියදුරු අසුනේ දොර විවෘත වීමෙන් පසු කලබල වී  බස් රථය රියදුරු පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියේ හැපී මාර්ගය හරහා පෙරළී ගොස්  ඇතැයි කියයි.

බස් රථයෙන් එළියට විසිවී  පාර හරහා ඇද වැටී සිටි රියදුරු  බස් රථයට  යටවී බරපතළ ලෙස තුවාල ලබා  සිටියදී ප්‍රදේශවාසීන් මුදවාගෙන රෝහල්ගත කළ ද රියදුරා ජීවිතක්ෂයට පත්වී ඇති බවද එක් අයෙකුගේ අත බරපතල ලෙස තුවාල සිදුවී ඇති බවද පොලිසිය පැවසීය. 

අවුරුදු හතක දරුවකු ඇතුළු සිව් දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරුකර ඇත.








gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka