gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රී මහ පාරේදී පුද්ගලයෙකුට ගුටි ඇන ත‍්‍රීවිලය කුඩු පට්ටම් කරලා..

ජා-ඇළ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභිකයෙකු ඇතුළු පිරිසක් තම පියාට පහර දුන් බව පවසමින් තරුණියක විසින් ජා-ඇළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඉකුත් 26 වැනි දින මෙම පහරදීම සිදුව ඇති අතර, එයින් තුවාල ලැබූ ජා-ඇළ සුදුවැල්ල පදිංචි රැසි පෙරේරා නැමැති අය මේ වන විට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තුවාලකරුගේ දියණිය ප්‍රකාශ කළේ, තම පියා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී සුදුවැල්ල පල්ලිය අසලදී ලොරි රථයක් හරස් කර එය නතර කර ඇති බවයි. 

අනතුරුව ජා-ඇළ නගර සභා මන්ත්‍රී මධුසර ලක්ෂාන් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් යකඩ පොලු සහ හෙල්මට් වලින් තම පියාට පහර දී අසල කානුවකට දමා ගිය බව ඇය චෝදනා කරයි.

තවදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ මීට පෙර තම සොහොයුරාට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් පහර දී ඇති බවත්, ඒ පිළිබඳව විමසීම හේතුවෙන් මෙලෙස පියාට පහර දී ඇති බවත්ය. 

එමෙන්ම මෙම පහරදීමෙන් පියා සතු ත්‍රිරෝද රථයට ද දැඩි හානි සිදුව ඇති බව ඇය පැවසුවාය. 

ජා-ඇළ පොලිසියට පැමිණිලි කළ ද මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවත්, අත්අඩංගුවට ගත් පිරිස් පවා නිදහස් කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ජා-ඇළ නාගරික මන්ත්‍රී චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

අදාළ දින තම බිරිඳගේ ප්‍රසූති කටයුතු සඳහා තමා රෝහලේ රැඳී සිටි බවත්, තමා කිසිදු පහරදීමකට සම්බන්ධ නොමැති බවත් ඔහු පැවසීය. 

දේශපාලන උසිගැන්වීම් මත තමාට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇති බවත්, පහරදීමට සම්බන්ධ බවට සැක කරන පිරිස තම ඥාතීන් වන බැවින් තමා මේ සඳහා පටලවා ගැනීමට උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka