gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උන්ගේ නයි උන්වම කයි! අධිකරණ අමාත්‍ය හර්ෂණ ඉලක්ක කරගනිමින් : NPP සමාජ මාධ්‍ය පිටු හරහා ප්‍රහාර ඇරඹෙයි!

ජාතික ජන බලවේගය නියෝජනය කරන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉලක්ක කරගනිමින් එම පක්ෂයේම සමාජ මාධ්‍ය පිටු හරහා දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් ආරම්භ වී තිබේ.

“NPP Seeduwa” වැනි ජාතික ජන බලවේගයේ ප්‍රචාරක පිටු හරහා අමාත්‍යවරයාගේ ඡායාරූප පළ කරමින් විවිධ චෝදනා එල්ල කර ඇත.

එක් සටහනක අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ වත්මන් නීතිපතිගේ ඡායාරූපයක් පළ කරමින් ඔවුන් දෙදෙනා “මාලිමා ආණ්ඩුව වලපල්ලට දක්කන ගුඩ් ඩබල” ලෙස හඳුන්වා දී තිබේ.

තවත් සටහනක දැක්වෙන්නේ, අමාත්‍යවරයාගේ පියා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර ඔහුව කැබිනට්ටුවට රැගෙන ඒමට සමාජ මාධ්‍ය ප්‍රබල ලෙස බලපෑ බවයි.

සමාජ මාධ්‍ය හරහා එල්ල වන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරයා මැලි නොවිය යුතු බවත්, එසේ නොවුණහොත් සමාජ මාධ්‍ය ජාලවල සිටින තරුණ පිරිස් විසින්ම පිළිතුරු සොයාගනු ඇති බවත් එහි අනතුරු අඟවා ඇත.

මෙම සමාජ මාධ්‍ය ප්‍රහාරය පිටුපස ප්‍රධාන චෝදනා කිහිපයක් ඇති බව නිරීක්ෂණය වන අතර, ඒ අනුව,

වත්මන් නීතිපතිවරයා සමඟ සමීප සබඳතාවක් පවත්වමින් කටයුතු කිරීම.

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන ස්ටෙෆ්නි සිරිවර්ධන මහත්මියට රජයේ උසස් තනතුරක් ලබාදීමට කටයුතු කිරීම.

පක්ෂයේ මතයට වඩා වෙනස් මාවතක ගමන් කිරීම.

අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වන මෙම අභ්‍යන්තර විවේචන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ඉහළ පෙළේ නායකත්වය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර “ලස්සන ටොපික් එකක් හෙට දානවා” යනුවෙන් පවසමින් මෙම පිටු තවදුරටත් අමාත්‍යවරයා විවේචනය කිරීමට සූදානම් වන බව පෙනී යයි.

සංස්කාරක සටහන : හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර , වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ පියා ලෙස මෙම සමාජ මාධ්‍ය පිටු හසුරවන පිරිස් සිතා සිටින බවක් මෙකී සටහන් ඇසුරෙන් තහවුරු වන නමුත් එය නිවැරදි නොවේ. හර්ෂණ නානායක්කාර ගේ පියා හිටපු ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ අභාවප්‍රාප්ත යසපාලිත නානායක්කාර වන අතර ඔහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ගේ සහෝදරයකු වෙයි.

උපුටා ගැනීම : newshub
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka