gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ඖෂධ ගෙන්වීම 76 අවුරද්දක් තිස්සේම වරදක්... දැන් ඒක නීතිගත කරපු ක්‍රියාවක්... වරදක් හැටියට සැලකෙන්නෑ - විමල් වීර­වංශ

රජය රුපි­යල් අති­රි­ක්ත­යක් පෙන්වන්නේ විය­දම් කිරී­මට නොදන්නා නිසා මිස ආර්ථි­කය කළ­ම­නා­ක­ර­ණය කළ නිසා නොවන බවත්, ආණ්ඩුව පාර්ලි­මේ­න්තු­වේදී ‘කටින් බතල හිට­ව­මින්’ ජන­තාව මුළා කරන බවත් ජාතික නිද­හස් පෙර­මුණේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් වීර­වංශ මහතා පැව­සීය.

බත්ත­ර­මුල්ල සිය පක්ෂ කාර්යා­ලයේ  පැවති මාධ්‍ය සාක­ච්ඡා­වට එක්වෙ­මින් වීර­වංශ මහතා මේ බව කියා සිටි­යේය.

ඒ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

පළමු කරුණ තමයි දැන­ට­මත් බල­වත් ලෙස ආන්දෝ­ල­න­යට තුඩු දී තිබෙන “ඉන්දි­යානු බාල ඖෂධ මාෆි­යා­වට” අපේ රටේ රෝගීන් බිලි­දීමේ ව්‍යාපා­රය අද ඉතා බල­වත් ලෙස අපි හමුවේ ඉතා අභි­යෝ­ගා­ත්ම­කව මතු වෙලා තියෙන කාර­ණ­යක්. ඔබ කවු­රුත් දන්නවා මීට කලින්, ඔය කියන වසර 76 ඇතු­ළත තිබුණේ, අපේ රටේ පෞද්ග­ලික අංශය වේවා රජයේ රෝහල් පද්ධ­තිය තුළ වේවා පාවිච්චි කරන්න පුළු­වන් ඖෂ­ධ­වල ප්‍රමි­තිය තිබුණේ “බ්‍රිතාන්‍ය (British Standard) හෝ ඊට ඉහළ ප්‍රමි­ති­යක්.”

නමුත් ඒ වසර 76ක පාල­නය ඇතු­ළත කව­දා­ක­වත් ඒ ප්‍රමි­තිය ඊට වඩා පල්ලෙ­හාට ගෙනාවේ නැහැ. ඒ ප්‍රමි­තිය ඊට වඩා පල්ලෙ­හාට වට්ටන්න කට­යුතු කළේ නැහැ. මොන අර්බුද තිබු­ණත්, මොන අමා­රු­කම්, මොන දුෂ්ක­රතා තිබු­ණත් ඒ 76 වස­රක පාල­නය ඇතුළේ ඔය බ්‍රිතාන්‍ය ප්‍රමි­තිය හෝ ඊට ඉහළ ප්‍රමි­තිය කියන එකෙන් පල්ලෙ­හාට එන්න ශ්‍රී ලංකාව කට­යුතු කළේ නැහැ.

මීට පෙර සම­හර අව­ස්ථා­ව­ලත් අපේ රටට ගෙනාපු ඖෂධ පිළි­බ­ඳව ආන්දෝ­ල­නා­ත්මක ප්‍රශ්න මතු වුණා. ඒ හැම වෙලේම මතු වුණේ “බ්‍රිතාන්‍ය ප්‍රමි­ති­යට” අනුව ඒ ඖෂ­ධය තිබෙ­නව ද? නැද්ද? කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් ඒ ඖෂ­ධය බ්‍රිතා­න්‍යයේ ප්‍රමි­ති­යට අනුව නැද්ද තියෙ­න­වාද? ඕක තමයි අපි සලකා බලපු කාර­ණය. එත­කොට ඒක ඉන්දි­යානු ප්‍රමි­ති­යට තිබ්බත් අපි පිළි­ගත්තෙ වර­දක් හැටි­යට. දැන් වෙලා තියෙන්නේ වරද ආය­ත­න­ගත කරලා. එහෙම නැත්නම් අප­ද්‍ර­ව්‍ය­ව­ලින් පිරිච්ච බාල ඖෂධ ගෙන්වීම කලින් වර­දක්. දැන් ඒක ආය­ත­න­ගත කරපු ක්‍රියා­වක්. දැන් ඒක වර­දක් හැටි­යට සැල­කෙන්නේ නැහැ.

ඒ නිසා අපි ඉතා ඕනෑ­ක­මින් ආණ්ඩු­වට කිය­නවා. අපි ආණ්ඩු­වෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ “ඉන්දි­යානු ෆාම­කෝ­පි­යා­වෙන් ඉවත් වෙන්න.” හොර රහසේ ගත්තු ඒ තීර­ණය අකුළා ගන්න. ඒක හකුළා ගන්න­කන් බාල ඖෂ­ධ­ව­ලට පම­ණක් වෙළෙ­ඳ­පොළ ඒකා­ධි­කා­ර­යක් හදන්න දාපු “පාලන මිල (Floor Price) වහාම ඉවත් කරන්න.”

නුවන් කොඩි­කාර
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka